මහින්දගේ පිරිසකට මෛත්‍රීගෙන් හදිසි ඇමතුම්

තමන් සමග සාකච්ඡා සඳහා පැමිණෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ආරාධනා කර තිබෙන බ...

තමන් සමග සාකච්ඡා සඳහා පැමිණෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ආරාධනා කර තිබෙන බව වාර්තා වෙනවා..

ඩලස් අලහප්පෙරුම, රංජිත් ද සොයිසා, මහින්දානන්ද අලූත්ගමගේ, කුමාර වෙල්ගම සහ කෙහෙළිය රඹුක්වැල්ල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එසේ ආරාධනා ලැබූ කිහිපදෙනෙකි.

බන්දුල ගුණවර්ධන, පියල් නිශාන්ත සහ ජානක වක්කුඹුර යන මන්ත්‍රීවරුන් ද එසේ ආරාධනා ලැබූවන් අතර වෙති.

ජනාධිපතිවරයා මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකවම දුරකථනයෙන් අමතා සාකච්ඡා සඳහා ආරාධනා කර ඇති බව වාර්තා වේ.

ආරාධනා ලැබූ සියලු දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව අලුත් පක්ෂයක් තැනීමට විරුද්ධව සිටින අයයි.

ජානක වක්කුඹුර මන්ත්‍රීවරයාගෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කලවාන ආසන සංවිධායක ධුරයට ද තවමත් වෙනත් අයෙකු පත්කර නොමැත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3536095349262185374

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item