'ජාතික පක්‍ෂ එකමුතුව' නමින් ඒකාබද්ධ විපක්ෂය කරළියට - බලවේගයට තවත් පක්‌ෂ 7ක්‌

ඒකාබද්ධ විපක්‍ෂයේ මූලිකත්වයෙන් ගොඩනඟන ආණ්‌ඩු විරෝධි ජනතා බලවේගය සමග එක්‌ව ඉදිරියේදී කටයුතු කිරීමට තවත් දේශපාලන පක්‍ෂ 7 කට වැඩි ප්‍රමාණයක්‌ ...

ඒකාබද්ධ විපක්‍ෂයේ මූලිකත්වයෙන් ගොඩනඟන ආණ්‌ඩු විරෝධි ජනතා බලවේගය සමග එක්‌ව ඉදිරියේදී කටයුතු කිරීමට තවත් දේශපාලන පක්‍ෂ 7 කට වැඩි ප්‍රමාණයක්‌ එකඟතාව පළකර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මෙතෙක්‌ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය නොකළ ලිබරල් පක්‍ෂය, කඳුරට ජනතා පෙරමුණ, එක්‌සත් ලංකා පොදුජන පක්‍ෂය, ශ්‍රී ලංකා හරිත පක්‍ෂය, එක්‌සත් ලංකා මහා සභාව, ප්‍රගතිශීලී පෙරමුණ හා මුස්‌ලිම් ඔලමා පක්‍ෂය මෙලෙස එකඟතාවට පැමිණි පක්‍ෂ අතර වන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ආරංචි මාර්ග පවසයි.

ජාතික පක්‍ෂ එකමුතුව ලෙස අලුතෙන් මෙම පක්‍ෂ ආණ්‌ඩු විරෝධී ජනතා බලවේගය සමග එක්‌වන බවත් ඉදිරියේදී සති දෙකකට වරක්‌ හමුවී ඉදිරි වැඩකටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට එකඟ වූ බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පසුගිය දිනවල එම පක්‍ෂ ප්‍රධානීන් සමග කළ සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවට පැමිණ ඇත.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ඉදිරියේදී නව බලවේගය ගොඩනැංවීමට කැපවීමටද එකඟවූ බව වාර්තා වේ.

ආණ්‌ඩු විරෝධී නව ජන බලවේගය සඳහා සිවිල් සංවිධාන රැසක්‌ද එක්‌වීමට කැමැත්ත පළකර ඇති නිසා හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ ඉදිරියේදී එම සංවිධාන සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 505953737602382594

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item