මහින්දට දැක්වූ විරෝධය හෙළා දකිනවා - ඒකාබද්ධය විපක්ෂය

පසුගියදා මහින්ද රාජපක්ෂ මහතාට මැලේසියාවේදී දැක්වූ විරෝධය තරයේ හෙළාදකින බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම...

පසුගියදා මහින්ද රාජපක්ෂ මහතාට මැලේසියාවේදී දැක්වූ විරෝධය තරයේ හෙළාදකින බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මහින්ද රාජපක්ෂ මහතාට විදේශීය වශයෙන් විවිධ ආකාරයේ චෝදනාවන් සිදු වූ බවත්, ඒ මහතාගේ අනුරුවට ගිනි තබා විරෝධය පළ කළ බවත් පැවසූ මන්ත්‍රීවරයා කියාසිටියේ එවන් තත්ත්වයක් තිබියදී ඒ මහතා මැලේසියාවට ගියේ කමාන්ඩෝ ආරක්ෂාව ද නොමැතිව බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වෙනි සංවත්සර සමුළුවට ඒකාබද්ධ විපක්ෂය සහභාගී නොවන බවත් එය නිල වශයෙන් ප්‍රකාශ කර සිටින බවත්ය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වෙනි සංවත්සරයට ඒකාබද්ධ විපක්ෂය සහභාගී වනවාද නැද්ද යන්න පිළිබඳව ආසන බල මණ්ඩල කැඳවා සාකච්ඡා කළ බවයි.

එහිදී පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ හා සභාපතිවරුන්ගේ සංසදය මෙන්ම පළාත් සභා නියෝජිතයින්ගේ සංසදය යන සංසද සමග ද සාකච්ඡා කළ බවත් ඒ මගින්ද සංවත්සරය සඳහා සහභාගී නොවන බවට තීරණය වූ බවත් ඒ මහතා පවසයි.

එමෙන්ම ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන කරුණු 3ක් මූලික කරගනිමින් ශ්‍රී ලංකා නිදහක් පක්ෂයේ 65 වන සංවත්සරයට සහභාගී නොවීමට කටයුතු කරන බව ඒකමතිකව තීරණය කළ බවද ඔහු කියාසිටියේය.

එජාපයට ගැති දේශපාලන ප්‍රතිපත්තිවලට විරෝධය පළ කිරීම හා ශ්‍රිලනිප එජාපයේ කිහිලිකරුවක් බවට පත් කිරීමට විරෝධය පළ කරමින් මෙම තීරණය ගත් බවත් ඒ මහතා පවසයි.

එමෙන්ම දශක ගණනාවක් පැවති යුද්ධය අවසන් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එල්ලවන චෝදනා, චරිත ඝාතන, මඩ හා අවලාද වලට විරෝධය පළ කිරීම අරමුණු කර ගනිමින් මෙම තීරණය ගැනීම තවත් එක් හේතුවක් බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.

එපමණක් නොව ශ්‍රීලනිපය නිවැරදි මාවතකට යොමු කිරීම අරමුණු කර ගනිමින් මෙම තීරණය ගැනීමට තවත් එක් හේතුවක් වූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම  පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2126942421108096019

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item