අප පුවත පල දරයි - Global LifeStyle පිරමීඩ ජාවාරම CCD යෙන් විශේෂ පරීක්‍ෂණයක්‌

කාලයක්‌ තිස්‌සේ පවත්වාගෙන යන බව කියන මහා පරිමාණයේ පිරමීඩ ජාවාරමක්‌ පිළිබඳව අප ඇතුළු මාධ්‍ය ආයතන කහිපයක් දිගින් දිගටම අනාවරාණය කර සිටියා...

කාලයක්‌ තිස්‌සේ පවත්වාගෙන යන බව කියන මහා පරිමාණයේ පිරමීඩ ජාවාරමක්‌ පිළිබඳව අප ඇතුළු මාධ්‍ය ආයතන කහිපයක් දිගින් දිගටම අනාවරාණය කර සිටියා. ඒ අතර නෙත් ගුවන් විදුලියේ බැලුම්ගල විශාල කැපකිරීමක් කරමින් මෙය හෙළිකිරීමට දායක වුනා. මේ කරුණු සියල්ල සහ අධිකරණ ඇමතිතුමාගේ පැමිනිල්ලකුත් සමග කොළඹ අපරාධ කොට්‌ඨාසයේ පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ සහ මහ බැංකුවේ නිලධාරීහු කණ්‌ඩායමක්‌ මේ පිළිබඳව විශේෂ විමර්ශනයක්‌ ආරම්භකර තිබේ. 

එමෙන්ම මෙම පිරමීඩ ජාවාරම පසුපස දේශපාලාන මෙන්ම රටේ නම ගිය ප්‍රබලයන් රැසක්‌ සිටින බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ පවසා තිබෙනවා.

දැනට අවුරුදු 9කට අසන්න කාලයක් කොල්ලුපිටියේ පවත්වාගෙන යන ග්ලෝබල් ලයිෆ් ස්ටයිල්(Global LifeStyle) සහ පානදුරයේ බෙස්ට් ලියිෆ්(Best life) පිරමීඩ වංචා පිළිබඳව මීට පෙරත් පොලිස්‌ පරීක්‍ෂණ වරින්වර ආරම්භ කළ ද එම ජාවාරම්කරුවන්ට නඩු පැවරීමක්‌ කර නැත. එහෙත් මේ අවස්ථාවේ මෙම පරීක්‍ෂණවලින් හෙළිවන තොරතුරු අනුව සැකකරුවන් සියලු දෙනාම තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා බව පොලිසිය කියයි.

සියල්ලටම කලින් අප කලිනුත් අනාවරණය කල පරිදි මෙම සමාගම් කටයුතු කරන්නේ විදේශීය සමාගම් සහ පිරිස් සමග ඉතාමත් සුක්ෂමාව වන අතර මොවුන් රටින් පිටවීමේ වැඩි අවධානමක් ඇති ඇත එනිසා ඉතා ඉක්මනින්ම අත්අඩංගුවට ගෙන විදෙස් ගමන් තහනම් කර පරීක්ෂණ කල යුතුය. එමෙන්ම උපාය ගත මුදල් ගැන පරීක්ෂණ සඳහා අල්ලස් සහ දුෂණ කොමිසමේද සහය ලබා ගත යුතුය.


මේ සම්බන්දව අප කලින් පල කල පුවත්.

1. සෝලා පැනල් පිරමිඩ ප්‍රෝඩාවේ ගණිතමය තිත්ත ඇත්ත මෙන්න
2. Global Life Style පිරමීඩ යෝජනා ක්‍රමය පිළිබ`ද වහාම පරීක්‍ෂණ පවත්වන්න අධිකරණ ඇමැති පොලිස්‌පතිට කියයි
3. පිරමීඩ ජාවාරම් වැටලීම ඇරඹේ - ඔබත් මෙම පිරමීඩ ජාවාරමට අසු උනාද - එසේ නම් අපට දැනුම් දෙන්න



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6696857063672487737

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item