ශ්‍රීලනිප සභාපතිකම කැමැත්තෙන් දුන්නාද? බලපෑම්කර ගත්තාද?

මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සභාපති ලෙස පත් කළ බව ප්‍රකාශයට පත් කළ 2015 ජනවාරි 11 වැනි දින විඡේරාම මාවතේ මෛත්‍රිපාල...

මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සභාපති ලෙස පත් කළ බව ප්‍රකාශයට පත් කළ 2015 ජනවාරි 11 වැනි දින විඡේරාම මාවතේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී පැවැති මාධ්‍ය හමුව.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තුළ ඇතිවී තිබෙන අර්බුදයට හේතුවී තිබෙන්නේ එම පක්‍ෂයේ සැලකිය යුතු පිරිසක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්‍ෂයේ සභාපතිවරයා ලෙස මෙන්ම නායකයා ලෙසද නොපිළිගැනීම බව පැහැදිලිය. එම අර්බුදයට ප්‍රතිචාර දක්‌වන මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයේ ස්‌ථාවරය වී තිබෙන්නේ පක්‍ෂයේ සභාපති ධුරය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිය කැමැත්තෙන් වත්මන් සභාපතිවරයාට ලබාදුන්නා මිස එය බලෙන් ලබා නොගත් බවයි. ඔවුන් එසේ ප්‍රකාශ කිරීම සඳහා පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව කථානායකවරයාගේ නිල නිවසේදී මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සභාපති ධුරය මෛත්‍රිපාල සිරිසේන මහතාට භාරදීම පදනම් කර ගත්තත් ඊට පෙර සහ පසු සිදුවූ සිදුවීම්වලින් පැහැදිලි වන්නේ එම පක්‍ෂයේ සභාපති ධුරය මාරුවීම පසුපස විශාල කතන්දරයක්‌ තිබෙන බවයි.

පසුගිය ජනාධිපතිවරණය පවත්වා ඇත්තේ 2015 ජනවාරි මස 08 වැනි දිනයේදීය. මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පක්‍ෂයේ සභාපති ධුරය කථානායක නිල නිවසේ දී මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබාදී ඇත්තේ ජනවාරි 14 දිනයේදීය. එසේ වුවත් ජනාධිපතිවරණයෙන් දින 03 කට පසුව එනම් 11 වන දින මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ අවස්‌ථාව වන විට පදිංචිව සිටි කොළඹ 07, විෙ-රාම මාවතේ පිහිටි නිල නිවසට රැස්‌වූ සරත් අමුණුගම, එස්‌. බී. නාවින්න, රෙජිනෝල්ඩ් කුරේ, අතාවුද සෙනවිරත්න, පියසේන ගමගේ, ජනක බණ්‌ඩාර තෙන්නකෝන්, ජගත් පුෂ්පකුමාර, නිල්වලා විෙ-සිංහ, විජිත් විජයමුණි ද සොයිසා, දුමින්ද දිසානායක සහ දයාසිරි ජයසේකර යන පිරිස විසින් මාධ්‍ය හමුවක්‌ පවත්වා ඇති අතර එහිදී අදහස්‌ දැක්‌වූ දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ බහුතර බලය තමන් වෙත ලැබී ඇති බවත් ඒ අනුව පක්‍ෂයේ සභාපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාත්, ලේකම්වරයා ලෙස තමාත්, ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා පක්‍ෂයේ ජාතික සංවිධායක ලෙසත්, එස්‌. බී. නාවින්න මහතා භාණ්‌ඩාගාරික ලෙසත් පත් කිරීමට තීරණය කළ බවයි.

එම මාධ්‍ය හමුව ඇමතූ සරත් අමුණුගම මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ව්‍යවස්‌ථාවේ 12.2(ආ) වගන්තියට අනුව මෛත්‍රිපාල සිරිසේන මහතා පක්‍ෂයේ සභාපතිවරයා ලෙස පත්කළ බව ප්‍රකාශ කර ඇති අතර විජිත් විජයමුණි සොයිසා විසින් "අප්පච්චි මිය ගියා මිය ගියාට පසුව අප්පච්චි නිසා ගෙදර තියාගෙන ඉන්න බැහැ. සොහොනට ගිහින් දැමිය යුතුයි" එය තමයි සිදුවී ඇත්තේ. එය සැවොම තේරුම්ගත යුතුය, යන බොහෝ මත භේදයන්ට තුඩුදුන් ප්‍රකාශය කර ඇත්තේ ද එම මාධ්‍ය හමුවේදීය.

කොළඹ 07 විඡේරාම මාවතේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසේ එම මාධ්‍ය හමුව පැවැති දිනයේදීම (11 දා) ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මූලස්‌ථානයේදී ද මාධ්‍යම කාරක සභාවේ රැස්‌වීමක්‌ පවත්වා ඇති අතර එම මධ්‍යම කාරක සභා රැස්‌වීමට මධ්‍යම කාරක සභිකයන් 53 න් දෙනාගෙන් 41 ක්‌ දෙනකුම සහභාගි වී ඇත. එම රැස්‌වීමේදී පක්‍ෂයේ සභාපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කිරීමට කිසිදු තීරණයක්‌ ගෙන නොමැති අතර එහිදී තීරණය වී ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ සභාපතිත්වය යටතේ තවදුරටත් කටයුතු කිරීමටය.

ඒ අනුව 2015 ජනවාරි 11 වැනි දින මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී සිදුවූ සිදුවීම් සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මූලස්‌ථානයේදී සිදුවී ඇති සිදුවීම් අනුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සභාපති ධුරය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිය කැමැත්තෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාරදී නොමැති බව පැහැදිලි විය යුතුය. එලෙස සඳහන් කළ හැක්‌කේ 2015 ජනවාරි 11 වැනි දින මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසට රැස්‌වූ පිරිසක්‌ පළමුවෙන්ම මෛත්‍රිපාල මහතාට සභාපතිවරයා ලෙස පත් කළ බව ප්‍රකාශ කර ඇති බැවිනි. මහින්ද රාජපක්‍ෂ මහතාට විසින් මෛත්‍රිපාල මහතා පක්‍ෂයේ සභාපති ධුරය ලබාදීම සිදුකර ඇත්තේ ජනවාරි 14 වැනි දිනයේදීය. ඒ අනුව පෙනී යන්නේ ජනවාරි 14 වැනි දින සිදුවී ඇත්තේ ජනවාරි 11 වැනි දින මෛත්‍රිපාල මහතාගේ නිල නිවසේදී සුළු පිරිසක්‌ විසින් ගත් තීරණයට මහින්ද රාජපක්‍ෂ මහතාද සිය අනුකූලතාව දැක්‌වීම පමණක්‌ බව පැහැදිලිය.

ඒ සඳහා ජනවාරි 11 වැනදා සහ 14 දා අතර සිදුවූ යම් යම් සිදුවීම් බලපා ඇති බවට ද සාධක ඇත. මීට දින කිහිපයකට පෙර පක්‍ෂයේ සභාපති ධුරය පිළිබඳව අදහස්‌ දක්‌වමින් මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර තිබුණේ විශේෂ කාර්ය බළකාය (SඔF) යොදවා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මූලස්‌ථානය අල්ලා ගැනීමට සූදානම් වූ බවයි. එමෙන්ම ඊට පෙර අවස්‌ථාවකදී මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර තිබුණේ පක්‍ෂයේ සභාපති ධුරය මෛත්‍රිපාල සිsරිසේන මහතාට භාරදෙන ලෙස මෙම ප්‍රදේශයේ (හම්බන්තොට) පුද්ගලයකුම තමාගෙන් ඉල්ලා සිටිය බවයි. ඒ අනුව ඉතා හොඳින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සභාපති ධුරය මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් බලෙන් නොගත්තත් බලපෑමෙන් ගෙන ඇති බවයි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තුළ පවත්නා අර්බුදයට හේතුවී තිබෙන එකම කාරණයත් එයයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8977228514886543007

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item