මහින්ද සමග පෙරට - ශාඛා සමිති සැකසීම අරඹයි

ශ්‍රී ලංකාවේ ජනබලය මහින්ද සමග පෙරට යන නමින් නව පක්ෂයේ ශාඛා සමිති සකස් කිරීම ආරම්භ කළ බව ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිත සන්ධානය සඳහ...

ශ්‍රී ලංකාවේ ජනබලය මහින්ද සමග පෙරට යන නමින් නව පක්ෂයේ ශාඛා සමිති සකස් කිරීම ආරම්භ කළ බව ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිත සන්ධානය සඳහන් කරයි.

සෑම ග්‍රාම නිලධාරී වසමකම එක් ශාඛා සමිතියක් බැගින් රටපුරා ශාඛා සමිති 14,022ක් පිහිටුවීමට කටයුතු කරන බවත් මුල් අදියරේදී නව පක්ෂයට ලක්ෂ 10ක සාමාජිකයන් බඳවා ගැනීම සඳහා ඉලක්ක සකස් කර තිබෙන බවද එම සන්ධානයේ කැඳවුම්කරු හිටපු ප්‍රා‘දේශීය සභා සභාපති උදේනි අතුකෝරළ සඳහන් කළේය.

සෑම ශාඛා සමිතියකම සභාපතිවරයෙකු හා ලේකම්වරයෙකු ඇතුළු නිලධාරී මණ්ඩලයක් පත්කරන බවත් එම තනතුරු පත් වූ පසු දෙවන අදියර යටතේ සාමාජිකයන් බඳවා ගැනීම සිදුකරන බවද පවසා සිටියේය.

ශාඛා සමිති පිහිටුවීම යටතේ මහා සමිතිය, තරුණ හා කාන්තා සමිතිය ලෙස සමිති තුනක් ස්ථාපිත කරන බවත් ඉන් පසුව අදාළ සමිති විසින් බිම් මට්ටමේ වැඩකටයුතු සිදුකරන බවද උදේනි අතුකෝරළ මහතා සඳහන් කළේය. මෙහිදී ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයට මුහුණදීම සඳහා මෙම ශාඛා සමිති කඩිනමින් පිහිටුවීම අවසන් කිරීමටත් සැලසුම් කර තිබෙන බවද ඔහු කියා සිටියේය.

ශාඛා සමිති නියෝජනය කරන පිරිස්වලට ඉදිරි මැතිවරණයේදී තරග කිරීමට අවස්ථාව ලබාදෙන බවත් පොදුවේ මෙම ශාඛා සමිතිවල සාමාජිකත්වය ලබාගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන කණ්ඩායම්වලින් විශාල ඉල්ලුමක්ද පවතින බවද කැඳවුම්කාරවරයා සඳහන් කළේය. මේ අනුව එම පිරිස්වලටත් ශාඛා සමිතිවල සාමාජිකත්වය ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9114419970435854373

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item