නව දේශපාලන සංධානයක් සඳහා ඒකාබද්ධ විපක්‍ෂයේ සියලු ශ්‍රීලනිප දෙනාගේ මන්ත්‍රීවරුන්ගේ සහය

ආණ්ඩු විරෝධී නව දේශපාලන සංධානයක් බිහි කිරීමේ යෝජනාවට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ සියලූ මන්තී‍්‍රවරුන්ගේ එකගතාවය...

ආණ්ඩු විරෝධී නව දේශපාලන සංධානයක් බිහි කිරීමේ යෝජනාවට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ සියලූ මන්තී‍්‍රවරුන්ගේ එකගතාවය පලව ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂ ආරංචි මාර්ග පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණේ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීය.

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරනු ලබන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන්ගෙන් දැනට රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටින මහින්දානන්ද අලූත්ගමගේ මන්තී‍්‍රවරයා හැර සෙසු මන්තී‍්‍රවරු ඒ සදහා සහභාගී වී සිටියහ.

මෙම සාකච්ඡුාවේදී මුලින්ම අවධානය යොමුව ඇත්තේ වැට් සංශෝධන පනත පිලිබදවය. බන්දුල ගුණවර්ධන මන්තී‍්‍රවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර තිබේ. ඔහු පවසා ඇත්තේ ආණ්ඩුව වැට් හරහා කොලේ වසා ගැසීමට සූදානම් වන බවය. ඩලස් අලහප්පෙරුම , පවිත‍්‍රා වන්නිආරච්චි, යන මන්තී‍්‍රවරුද මෙහිදී අදහස් පල කර තිබේ.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ වැට් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ආණ්ඩුවට තවමත් කල් ඇති බවය. වත්මන් ආණ්ඩුව ජනතාවට සහන සැලසීමට සූදානම් නැති බව පෙනෙන්නේ යැයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.
නව බලවේගය පිහිටුවීම පිලිබදව හිටපු ජනාධිපතිවරයා මන්තී‍්‍රවරුන්ගේ කැමැත්ත මෙහිදී විමසා ඇති අතර, සියලූ දෙනාම අත් ඔසවා ඊට කැමැත්ත පලකර තිබේ. ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතා මෙහිදී සිය අත් දෙකම ඔසවමින් කැමැත්ත පල කල බවද ඒකාබද්ධ විපක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2315993675381943560

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item