පාවෙන අවි ගබඩාව හැදුනේ ඇයි? ගෝඨා හෙළිකරයි

පසුගිය යුධ සමයේ ඇතිවූ අවශ්‍යතාවන් මත ගනු ලැබූ තීරණයකට අනුව මෙරටට අයත් පාවෙන අවි ගබඩාවක් නිර්මාණය කළ බවත් එවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් නඩ...

පසුගිය යුධ සමයේ ඇතිවූ අවශ්‍යතාවන් මත ගනු ලැබූ තීරණයකට අනුව මෙරටට අයත් පාවෙන අවි ගබඩාවක් නිර්මාණය කළ බවත් එවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් නඩු පැවරීම අසාධාරණ බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (23) මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන් හමුවීමට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම්වරයා රක්නා ලංකා සමාගම හා එක්ව මෙරටට අයත් පාවෙන අවි ගබඩාවක් නිර්මාණය කිරීමත් ඊට පසුබිම් වූ කාරණා පිළිබඳවත් පැහැදිලි කළේය.

පාවෙන අවි ගබාඩවක් ස්ථාපනය කිරීම ශ්‍රී ලංකාවට අලුත් දෙයක් වුවද එය ලෝකයේ අනෙක් රටවලට සාමාන්‍ය කාරණාවක් බව ඒ මහතා මෙහිදී කියාසිටියේය.

මුහුදු කොල්ලකරුවන් පාලනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම රටකින්ම තමන්ට කළ හැකි දෙයක් කරන ලෙස ඉල්ලීමක් කළ බවත් ඒ අනුව බලගතු රටවල් විසින් නාවික සංචිතයක් නිර්මාණය කර මුහුදු කොල්ලකරුවන් පාලනය කිරීමට උත්සහ ගත්තද එය අසාර්ථක වූ බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

ඉන්පසුව ලෝකය තුළ වානිජ නැව්වල අවිගත් ආරක්ෂක භටයින් ස්ථාපනය කිරීමේ ක්‍රමවේදයක් නිර්මාණය වූ බවත් එය සාර්ථකත්වයට පත්වූ බවත් ඔහු සඳහන් කළේය.

මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළ ඇති කිරීමේදී රක්නා ලංකා ආරක්ෂක සමාගම තවත් පෞද්ගලික සමාගම් 22ක සහයෝගයෙන් එවැනි ආරක්ෂක භටයින් ස්ථාපිත කිරීමට හැකිවූ බවත් ඉන් විශාල රැකියා ප්‍රමාණයක් ලබාදීමටත්, පසුකාලීනව පිටරටින් ගෙනෙන අවිආයුධ ආරක්ෂිත ලෙස තබාගැනීමේ අවශ්‍යතාවය සපුරාදීමටත් හැකිවූ බව ඒ මහතා කියාසිටියේය.

ජාත්‍යන්තර මුහුදේ මෙවැනි පාවෙන අවි ගබඩා 40ක් පමණ විවිධ සමාගම් විසින් පවත්වාගෙන යන බවත් ඇවන්ගාඩ් සමාගම ද ආරාබි මුහුදේ සහ රතු මුහුදේ එවැනි අවි ගබඩා 02ක් පවත්වාගෙන ගිය සමාගමක් බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

මෙම අවිගබඩා සම්බන්ධයෙන් කිසිදු රටක නීතියක් නිර්මාණය වී නොතිබූ බවත් ඒවා යහපත්ව පාලනය කරගැනීමේ ක්‍රමවේදය පමණක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර තිබූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3347642479276648388

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item