ගංවතුර ආධාර දෙන්න ලිංගික අල්ලසක් ඉල්ලලා
රජය විසින් වෙන් කර ඇති ගංවතුර ආධාර ලබාදීම සඳහා වයස අවුරුදු 24 ක් වන විවාහක කාන්තාවකගෙන් ලිංගික අල්ලසක් ඉල්ලා ඇයව අපයෝජනයට ලක් කිරීමට උත්...
http://www.sathhanda.com/2016/09/blog-post_745.html
රජය විසින් වෙන් කර ඇති ගංවතුර ආධාර ලබාදීම සඳහා වයස අවුරුදු 24 ක් වන විවාහක කාන්තාවකගෙන් ලිංගික අල්ලසක් ඉල්ලා ඇයව අපයෝජනයට ලක් කිරීමට උත්සාහ කළ බව කියන ග්‍රාම නිලධාරීවරයෙකු වනාතවිල්ලුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාල්මඩුව ග්‍රාම නිලධාරීවරයා ලෙස සේවය කළ 41 වියැති අයෙකි.
පසුගිය මැයි සහ ජූනී මාස වල පැවති අධික වර්ෂාව හේතුවෙන් කාලඔය පිටාර ගැලීමෙන් වනාතවිල්ලුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන කීපයක ජනතාව පීඩාවට පත්වූ අතර එසේ පීඩාවට පත්වූ ගම්මාන අතර රාල්මඩුව ගම්මානයද වේ.
පැමිණිලිකාර කාන්තාව පදිංචිව සිටින නිවසද ගංවතුරට හසුවී හානි සිදුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් වාර්තා ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී සහ තොරතුරු ලබා දීමට කාර්යාලයට ගිය විට සැකකාර ග්‍රාම නිලධාරීවරයා තමන්ට අයුතු යෝජනාවන් කළ බව පැමිණිලිකාරිය පොලීසිය හමුවේ පවසා ඇත.
පසුගිය 20 වැනිදා දහවල් ගංවතුර ආධාර ලබා දීමට යැයි පවසා තම නිවසට පැමිණි ග්‍රාම නිලධාරීවරයා තමන්ට අයුතු යෝජනාවක් කරමින් අපයෝජනයට ලක් කිරීමට උත්සාහ කළ බවද පැමිණිලිකාරිය පොලීසිය හමුවේ පැමිණිලි කරමින් පවසා ඇත.
ඒ අනුව සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Related