ඉන්දියාවෙන් පාකිස්තානය වෙත ප්‍රහාරයක් එල්ලවෙලා

ඉන්දීය - පාකිස්තාන දේශසීමාවේ අර්බුදයට ලක්වූ කාශ්මීර දේශසීමාවේදී ඉන්දීය හමුදා විසින් එල්ල කළ ප්‍රහාරයකින් පාකිස්තාන හමුදා සාමාජිකයන් දෙදෙනෙක...

ඉන්දීය - පාකිස්තාන දේශසීමාවේ අර්බුදයට ලක්වූ කාශ්මීර දේශසීමාවේදී ඉන්දීය හමුදා විසින් එල්ල කළ ප්‍රහාරයකින් පාකිස්තාන හමුදා සාමාජිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉන්දියාවට එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහාර මැඬලීමේ මෙහෙයුම් මාලාවක් මෙම දේශසීමාව හරහා තම හමුදාවන් විසින් සිදුකරන බව ඉන්දීය ආරක්ෂක අංශ පවසයි.

පාකිස්තානය පවසන්නේ වෙඩි පහර කිහිපයක් හැරෙන්නට එවැනි කිසිම ආකාරයක ත්‍රස්ත ක්‍රියාවක් සම්බන්ධයෙන් එම කලාපයෙන් වාර්තා නොවන බවයි.

කෙසේ වෙතත්, තවදුරටත් මෙවැනි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව කටයුතු කළහොත් බලවත් ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන බවට පාකිස්තානය අනතුරු අඟවා තිබේ.

තමන් රටේ පුරවැසියන් ආරක්ෂා කිරීමේ න්‍යායේ කටයුතු කරන බව පවසන ඉන්දියාව, අතිශය විශ්වසනීය තොරතුරු මත පිහිටා මෙම ප්‍රහාරය එල්ල කළ බවද අවධාරණය කරයි.

ඔවුන් පවසන්නේ මෙම ඉස්ලාමීය ත්‍රස්තයන් ඉන්දියාවේ ජම්මු ආදී නගරවල ප්‍රහාර මාලාවක් සැලසුම් කළ බවයි.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 6905111514008037869

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item