චීනයත් එක්ක ඉදිරියට යනවා

ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වය සහ සුහදශීලත්වය දිනෙන් දින ශක්තිමත් කරමින් ඉදිරියට යෑමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති මෛත...

ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වය සහ සුහදශීලත්වය දිනෙන් දින ශක්තිමත් කරමින් ඉදිරියට යෑමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

67 වන චීන ජාතික දින සැමරුම හා චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයට වසර 35ක් නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

මෙහිදි අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ සංවර්ධන හා ආයෝජන ක්ෂේත්‍ර යේ මෙන්ම ජාත්‍යන්තර තලයේදී ද ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින මිත්‍රත්වය ඉතා උසස් මට්ටමක පවතින බවයි.

චීනය සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින මිත්‍රශීලි රාජ්‍යයක් බව ද ජනාධිපතිවරයා මෙහිදි පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

අධ්‍යාපන,සෞඛ්‍ය, මාර්ග ආදී ක්ෂේත්‍රයන් තුළ යටිතල පහසුකම් සංවර්ධනයේ දී චීනය ලබාදෙන සහයෝගය මෙහිදි අගය ජනාධිපතිවරයා තමා ජනාධිපති ධුරය පත්වීමෙන් පසුව චීනයේ සිදුකළ පළමු සංචාරයේ දී චීන රජයෙන් සහ ජනතාවගෙන් ලැබුණු උණුසුම් සහ ගෞරවනීය පිළිගැනීම ද කෘතවේදීව සිහිපත් කර තිබේ.

එමෙන්ම මෙරට වකුගඩු රෝගීන් වෙනුවෙන් චීනයෙන් ලබාදුන් වකුගඩු රෝහල මෑත කාලයේ ලැබුණු හිතෛෂීම ත්‍යාගයක් බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදි සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 896147584472946755

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item