තානාපතිනි මංගලට විරුද්ධව බිලියන බාගයක වන්දි ඉල්ලා නඩුවක් ගොනු කරයි

විදේශ ඇමැති මංගල සමරවීර සිදුකර ඇති ප්‍රකාශවලින් තමාට මහත් අවමානයක්‌ සිදුවූ බව දක්‌වමින් ස්‌විස්‌ටර්ලන්තයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිනි තමාර...

විදේශ ඇමැති මංගල සමරවීර සිදුකර ඇති ප්‍රකාශවලින් තමාට මහත් අවමානයක්‌ සිදුවූ බව දක්‌වමින් ස්‌විස්‌ටර්ලන්තයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිනි තමාරා කුමානායගම් රුපියල් මිලියන 500 ක්‌ ඉල්ලා මංගල සමරවීරට නඩු පවරා ඇත.

මේ පිළිබඳව නඩුව නොවැම්බර් 2 දා කොළඹ අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.

තමා කොටි හිතවාදිනියක්‌ ලෙසට විදේශ ඇමැතිවරයා හඳුන්වා ඇති බව කුමානායගම් වැඩිදුරටත් දක්‌වා ඇත.

මේ සම්බන්ධයෙන් තම නීතිවේදියා යෑවූ එන්තරවාසියට විදේශ ඇමැතිවරයා ප්‍රතිචාර නොදැක්‌වීම නිසා නඩුවක්‌ ගොනු කළ බවද කුමානායගම් වැඩිදුරටත් පැවසීය.

විදේශ ඇමැතිවරයකුගෙන් අතිවිශාල වන්දියක්‌ ඉල්ලා හිටපු ශ්‍රී ලාංකික තානාපතිනියක පැවරූ මුල්ම නඩුව මෙය වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4052261004735454206

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item