අප යා යුත්තේ හික්මීමකින් හා විනයකින් යුත් සෙමින් ගමනක්
විවේචන චෝදනා සතුටින් භාරගනිමින් සාර්ථක වැඩපිළිවෙළක් ඔස්සේ රට ජයග්‍රහණය කරා ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ...

https://www.sathhanda.com/2016/09/blog-post_908.html
විවේචන චෝදනා සතුටින් භාරගනිමින් සාර්ථක වැඩපිළිවෙළක් ඔස්සේ රට ජයග්‍රහණය කරා ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පොදු අපේක්ෂක මැතිවරණ ව්‍යාපාරය තුළ සක්‍රීයව කටයුතු කළ විවිධ සංවිධාන සහ වෘත්තීය සමිති සමග ජනාධිපති මන්දිරයේ පැවති සුහද හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබේ.
ජනතාවට අත්‍යවශ්‍යව පැවති පරිවර්ථනය ලබාදීමට කැප වූ සියලුදෙනා වෙනුවෙන් මෙහිදී සිය කෘතවේදීත්වය පළකළ ජනාධිපතිවරයා ඉදිරියේදී ද ඔවුන් සියලුදෙනාගේ අදහස් හා යෝජනාවලට ඉඩකඩ ලබාදෙමින් රට ජයග්‍රහණය කරා මෙහෙය වන බව ප්‍රකාශ කර ඇත.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කළේ රට හමුවේ ඇති ආර්ථික අර්බුදය මෙන්ම ජාත්‍යන්තර තත්ත්වය ද තත්ත්වය ද සැලකිල්ලට ගැනීමේ දී අප යා යුත්තේ මනා හික්මීමකින් සහ විනයකින් යුත් සෙමින් ගමනක් බවයි.
මතුවන ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගනිමින් ජනතාව ප්‍රාර්ථනා කළ පරිවර්ථනයන් ඔස්සේ සම්මුතිවාදී රජයේ ගමන ඉදිරියට ගෙනයාම තම අරමුණ බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
Related