සිංහල බෞද්ධයාට මොකද වෙන්නේ ?

අනෙක්‌ බොහෝ ගුණ ධර්මයන් මේ වන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයෙන් සේදී ගොස්‌ ඇත. ඒ නිසාම සිංහල ජනතාවත්, සිංහල බෞද්ධ ජනතාවත් නන්නත්තාර වී, අස...

අනෙක්‌ බොහෝ ගුණ ධර්මයන් මේ වන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයෙන් සේදී ගොස්‌ ඇත. ඒ නිසාම සිංහල ජනතාවත්, සිංහල බෞද්ධ ජනතාවත් නන්නත්තාර වී, අසමගිවී, අනාථවී, අසරණවී ඇත. අද රටේ බොහෝ කෙත්යායවල බුදුන්ගේ බුද්ධබෝගය යටපත් කරගෙන වල් වී ඉස්‌මතු වන්නාක්‌ මෙන් අබෞද්ධයන් සහ අසිංහලයන් විසින් උපන් බිමේ උරුමක්‌කාරයන් වළපල්ලට දමා නැඟී සිටින අවිචාර සමයක්‌ උදාවී ඇත.

සිංහල රටත්, සිංහල ජනතාවත් සිංහල බෞද්ධයාත් රැකගත් හෙළ රජදරුවන් සියලුදෙනා මේ වන විට රට, දැය, සමය හැරගොස්‌ ඇත. සිංහල රටේත්, සිංහල ජාතියේත් සිංහල බෞද්ධයාගේත් මුරදේවතාවන් බඳුවූ සංඝරත්නයේ බහුතරය මේ වන විට රට, දැය, සමය හැරදා "දේශපාලනයට නැඹුරු වී ඇත. මෑත ඉතිහාසයේ රට, දැය, සමය රැක ගැනීමට දිවිහිමියෙන් කැපවූ අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්‌චන්ද්‍ර, ඩී. බී. ජයතිලක, එ. ආර්. සේනානායක, ඩී. එස්‌. සේනානායක, ඩඩ්ලි. සේනානායක, එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක, සිරිමාවෝ බණ්‌ඩාරනායක වැනි හදවතින්ම රට, දැය, සමයට ආදරය කළ උදාර පුරුෂයන් අද නැත. මේ නිසා අදවන විට මේ රටේ සැබෑම භූමි පුත්‍රයන් වූ සිංහල ජනතාවත්, සිංහල බෞද්ධ ජනතාවත් තමන්ගේම නිජබිමේ අනාථයන් බවට පත්වෙමින් ඇත. මේ රටේ තවත් භූමි පුත්‍රයන් කොටසක්‌ වූ අලි ඇතුන්ට දහසක්‌ දුක්‌ කරදර පමුණුවා ඈතින් ඈතට පන්නා දමා උන්ගේ උරුමයන් පැහැර ගන්නාක්‌ මෙන් සිංහල ජනතාවද අනාථ කර අක්‌මුල් සිඳීගිය ජාතියක්‌, ජන්මයක්‌ නැති ඕපපාතිකයන් පිරිසක්‌ බවට පත්වෙමින් ඇත. වසර 2015 කට වඩා උපන් බිමේ උරුමක්‌කාරයන් බවට පත්ව සිටි සිංහල ජනතාව ලෝකයෙන් වඳවී යන ජන කොට්‌ඨාසයක්‌ පරිද්දෙන් සියලු හිමිකම් වල අහිමිකරුවන් බවට පත්වෙමින් සිටින්නේ කාගේ වරදින්ද? සිංහල උරුමකම් විවරණය කෙරෙන මහා වංශයේ වංශ කථාව මුල්ලකට තල්ලු කර දමා ජාතියේ උරුමයන් ගිනිබත් වී යන තත්ත්වයට වර්තමානයේ සියල්ල සිදුවෙමින් පවතින්නේ කාගේ වරදින්ද?

ඓතිහාසික හිමිකම්වලින්ද ලේ උරුමයෙන්ද එකට බැඳී සිටි මහාවංශය නම් වූ සිංහල ජනතාව අතරට දේශපාලන පක්‌ෂ ක්‍රමය හරහා "බල ලෝභය" රිංගා ඔවුන් බේද භින්න කොට අසමගි කර දැමීමට සුද්දා ඇටවූ උගුලට කොටුවූ දේශීය නායකයන් වැඩි දෙනා දේශයේ හා ජාතියේ උරුමයන් සුණු විසුණු කර දමා දේශපාලන පක්‌ෂ කද බැඳගෙන යමින් දේශයේ හා ජාතියේ නායකත්වය තමන්ගේ ඔඩොක්‌කුවට හලා ගැනීමට අනන්ත පවාදීම් සිදු කළහ. දේශපාලනයෙන් ඔල්මාද වී සිටි එක්‌ නායකයෙකු ශ්‍රී ලංකාවේ උරුමය සිංහලයන්ට ලියවී ඇත්තේ කොතැනදැයි වේදිකාවකට නැඟී බලු සිංහයෙකු සේ උඩු බුරුලු අන්දම වඩාත් වේදනාකාරී වන්නේ ඔහුත් සිංහලයෙකු වීම නිසාය. පක්‌ෂ වාදය හරහා බේද භින්න කොට රට පාලනය කිරීමේ ක්‍රමවේදය තෝරාගත් සිංහල නායකයන් දේශපාලන පක්‌ෂ සූත්‍රයෙන් ජාතිය බේද භින්න කොට අසමගිය වපුරා බොල් අස්‌වනු නෙළා ගැනීමට ඇබ්බැහිවී සිටිති. සිංහලයාගේ පරිහානියට පදනම වැටුණේ පක්‌ෂ සූත්‍රයෙන් වගා කළ අසමගියයි.

" ඌරගේ මාළු ඌරාගේ ඇඟේම තබා කපන්නාක්‌ සේ යෑයි" සිංහල ප්‍රස්‌තාව පිරුළක්‌ පවතී. ඒ ප්‍රස්‌තාව පිරුළෙන් කියවෙන කථාව අපූරුවට ඉටු කරමින් සිංහල ඌරගේ ඇඟේ මාළු සිංහල ඌරාගේම ඇඟේ තබා කපමින් සිංහල අනන්‍යතාව හා සිංහල උරුමය කීතු කීතු කර දැමීමට දේශීය සිංහල පාලකයන්ම සමත් වී සිටී. ඇඟේ ලේ වතුර වනතුරු දේශීය උරුමය රැක ගැනීමට දකුණේ මාගමින් පැමිණි දුටු ගැමුණු සහ විජයබාහු රජ දරුවන් කටයුතු කළ අතර ඔවුන් අද සිටියේ නම් සිංහල ජාතියට, බෞද්ධ උරුමයට, අනුරපුර ශුද්ධ නගරයට කර තිබෙන වින්නැහිය ගැන උදහස්‌ වී දේශීය නායකයන් හිටුවා පස්‌ ගසනු ඒකාන්තය.

1815 දී රට විදේශිකයන් අතට පත්වූ අවස්‌ථාවේද, මුළු මහත් රටට ජාතියට වින කටින්නට හේතු වූයේ ජාතියක්‌ තුළට කා වද්දා පැවති අසමගියයි. එදා පාලන බලය ඩැහැ ගැනීමට කෙළ හළාගෙන බලා සිsටි රදළයන්ගේ අසමගිකම් සහ පාවාදීම් නිසා පැත්තක සිටි වඩිග මිනිසෙකු "ශ්‍රී වික්‍රම රාජසිංහ" නමකින් බෞතීස්‌ම කොට සිංහලේ රජු බවට පත් කළේ අද මෙන් පාර්ලිමේන්තුවේ විපක්‌ෂ නායක පුටුව අන්‍යාගමිකයෙකුට හා අන්‍ය ජාතිsකයෙකුට පවරා දුන් අන්දමිනි. මෙය සිංහලේ ජීවිත වලට කා වැඳී ඇති ජානානුගත පාරම්පරික ලක්‌ෂණයකි. පාවාදීමත්, අසමගියත්, බල ලෝභයත් සිංහල ජාතිය සතු පොදු ලක්‌ෂණයකි. මෙම අවගති පරම්පරාවෙන් පරම්පරාවට රැගෙනැවිත් ඇති බවට සාධක වංශ කථාව පුරාවට සටහන් වී තිබේ. පාර්ලිමේන්තුවේ විපක්‌ෂයේ අසුන්වල සිංහල මන්ත්‍රීවරුන් හැට හැත්තෑවක්‌ බලා සිටියදී අබෞද්ධයෙකුට හා අසිංහලයෙකුට විපක්‌ෂයේ සිටින සිංහල පුබ්බෝරුවන් හැමදෙනාට නායකත්වය දීමේ තනතුර හා වරම හිමිකර දී ඇත. කන්දසාමි රජ වූයේ " ශ්‍රී වික්‍රම රාජසිංහ" යන සිංහල නමද බෞද්ධකමද ලබාගෙනය. නමුත් වර්තමාන විපක්‌ෂ නායකත්වය තුළ එවැනි එක්‌වීමේ ගති ලක්‌ෂණ නැත. තනතුරට පත්වූ හැටියේම ඔහු යෝජනා කළේ හුංඩුවක්‌ වැනි මේ පුංචි රට කලාපවලට බෙදන්නටය.

මුලදී අන්‍යාගමික පවුලකින් පැවත ආ නමුත් " සොලමන් වෙස්‌ට්‌ රිඡ්වේ ඩයස්‌ බණ්‌ඩාරනායක"යන විදේශීය නමක්‌ පටබැඳගෙන සිටියත් ශ්‍රීමත් බණ්‌ඩාරනායක මැතිතුමා ඒ විදේශීය ඇඳුම් ආයිත්තම් සළු පිළි ගලවා දමා සිංහලකමට සිංහල ඇඳුමක්‌ ඇඳගෙන දේශපාලන කරලියට ගොඩවී සිංහල ජාතියේ සහ සිංහල බෞද්ධයන්ගේ යටගිය උරුමය යළි ඉස්‌මතු කරමින් සිංහලකමට හා බෞද්ධකමට පණ පෙවීමට එක හිතින් කටයුතු කළහ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය පහළ වූයේ මේ දේශහිතෙෂී. ජාත්‍යාලයෑති නායකයාගෙනි. මේ උතුම් මිනිසාගේ එකම අධිෂ්ඨානය වූයේ සුද්දන්ගේ පාලනයෙන් සහ ඒ අනුව ගිය කළු සුද්දන්ගේ පාලනයෙන් ඔත්පලව ගොස්‌ පැවති සිංහල බෞද්ධ උරුමයන් පුනරුත්ථාපනය කිරීමයි. දේශය හා දේශීය ජනතාව වෙනුවෙන් එතුමන් අධිෂ්ඨානය කරගත් සිංහල බෞද්ධ උරුමයන් අවදි කිරීමේ ක්‍රියාමාර්ගය තුළ ඉදිරිය බලද්දී මේ උතුම් අරමුණ වලට කැපවීමේ හේතුවෙන් විජාතික බලවේග මඟින් අකාලයේ එතුමාගේ ජීවිතය බිලිගත්හ. හදිසියේම දිවංගත වූ එතුමාගේ ගමන් මඟ මැනවින් තේරුම් ගෙන සිටි. සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය තමා තුළ පැවති ගැඹුරු සිංහල බෞද්ධකමද මුහුකොට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සියතට ගෙන ටික දුරක්‌ ගිය නමුත් විජාතික හා විදේශීය බලවේග ක්‍රියාත්මක වී එතුමිය අත පැවති පාලන බලය උදුරා ගත්හ. එවක්‌ පටන් සිංහල බෞද්ධ ජනතාව අනාථ විය. සිංහල බෞද්ධ ජනතාව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ පදනම වුවත් සිංහල බෞද්ධ ජනතාව අනාථ වී යැමත් සමඟ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයද මූලික අරමුණ වලින් ගිලිහී යමින් නන්නත්තාර වන්නට විය. ඉන්දීය නායක ශ්‍රීමත් ගාන්ධි කාදර රෙද්දක්‌ දණහිසට ඇඳ ජාතියට පණ පෙවීමට ජනතාව අතරට ගියාක්‌ මෙන් ශ්‍රීමත් බණ්‌ඩාරනායක සිංහලකමත්, බෞද්ධකමත් හිතට ගෙන ජාතික ඇඳුම ඇඟට ගෙන ජනතාව අතරට ගොස්‌ රට හා ජනතාව අවදි කිරීමේ සටන දියත් කළ නමුත් එතුමාගේ ගමන්මගෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ නායකයන්ට අද ඉතිරිව ඇත්තේ ජාතික උත්සවයකට පමණක්‌ අඳින්නට සූදානම් කරගත් "ජාතික ඇඳුම් කට්‌ටලය" පමණි. අනෙක්‌ බොහෝ ගුණ ධර්මයන් මේ වන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයෙන් සේදී ගොස්‌ ඇත. ඒ නිසාම සිංහල ජනතාවත්, සිංහල බෞද්ධ ජනතාවත් නන්නත්තාර වී, අසමගිවී, අනාථවී, අසරණවී ඇත. අද රටේ බොහෝ කෙත්යායවල බුදුන්ගේ බුද්ධබෝගය යටපත් කරගෙන වල් වී ඉස්‌මතු වන්නාක්‌ මෙන් අබෞද්ධයන් සහ අසිංහලයන් විසින් උපන් බිමේ උරුමක්‌කාරයන් වළපල්ලට දමා නැඟී සිටින අවිචාර සමයක්‌ උදාවී ඇත.

බලයෙන් මුසපත් වූ කෝට්‌ටේ දොන් ජුවන් ධර්මපාල පෘතුගාලයෙන් ඔටුන්නක්‌ ලබාගෙන පෘතුගාලයෙන් පත් වූ රජෙකු සේ කටයුතු කරන ලදී. ජාතියේ වංශකතාවේද රටේ ඉතිහාසයේද මෙවැනි අවිචාර සමයන් ඉඳහිට මතුවී ඇත. නමුත් සිංහල බෞද්ධකමට පිටු පෑ ඔවුන්ට යහපතක්‌ නම් සිදුවී නැත. මක්‌ නිසාද? මේ රටත්, රටේ සිංහල ජනතාවත්, සම්බුද්ධ ශාසනයත් රැකබලා ගැනීමට සහ ආරක්‌ෂා කිරීමට සම්බුදු හිමියන්ගෙන් වරම් ලබා සිටින ශ්‍රී විෂ්ණු දෙවියන් නිරන්තරයෙන් මේ රටට ඇහැගහගෙන සිsටී. සම්බුද්ධ ශාසනයේ පැවැත්ම, සිංහල ජාතියේ සහජීවනය, රටේ ආරක්‌ෂාව ගැන නිරන්තරයෙන් සැලකිලිමත්වන විෂ්ණු දෙවියන් මේ ත්‍රිවිධ සම්පත්වල චිරජීවනය සඳහා ඇපකැප වී සිsටිති. මේ නිසා සිංහල ජනතාවගෙත් සිංහල බෞද්ධ ජනතාවගෙත් හිමිකම් අහිමි නොකර ඔවුන් රැක බලා ගැනීමට පාලකයන්ගේ සිත්සතන් ගුණ දහමින් පිsරී යන්නට ඔවුන්ට ආශිර්වාද කරන මෙන් විෂ්ණු දෙවියන්ගෙන් ආයාචනය කරමු.
ආචාර්ය නුගේතැන්නේ පඤ්නන්ද හිමි උතුර, උතුරුමැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 7691404870021896828

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item