දුමින්දගේ ආධාරකරුවන් ගමන් ගත් බස්‌ රියට ගල් ප්‍රහාරයක්

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පෙරේදා (04 දා) පැවැති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හැටපස්‌ වැනි සම්මේලනයට සහභාගිවීමෙන් අනතුරුව ආපසු ලංකා ගම...

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පෙරේදා (04 දා) පැවැති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හැටපස්‌ වැනි සම්මේලනයට සහභාගිවීමෙන් අනතුරුව ආපසු ලංකා ගමනාගමන මණ්‌ඩලයට අයත් බස්‌ රථයකින් ගල්නෑව ප්‍රදේශයට ගමන් කරමින් සිටි එම පක්‍ෂයේ මහලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායකගේ ආධාරකරුවන් පිරිසකට කිසියම් පිරිසක්‌ විසින් තඹුත්තේගම නීරාවිය පාලම අසලදී ගල් ප්‍රහාරයක්‌ එල්ල කොට ඇත.

ප්‍රහාරයෙන් ලංකා ගමනාගමන මණ්‌ඩලයේ අනුරාධපුර ඩිපෝවට අයත් බස්‌ රථයේ කොන්දොස්‌තරවරයා තුවාල ලබා ඇති අතර ඔහු තඹුත්තේගම රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා පිටව ගොස්‌ ඇත.

පෙරේදා රාත්‍රි 8.15 ට පමණ මෙම ගල් ප්‍රහාරය එල්ල කොට ඇති අතර ඉන් බස්‌ රථයේ ඉදිරිපස වීදුරුවටද අලාභහානි සිදුවී ඇති බව තඹුත්තේගම පොලිසිය පවසයි.

බස්‌ රථයට මෙම ගල් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් මෙතෙක්‌ අත්අඩංගුවට ගෙන නොමැති අතර පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1984304193097769786

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item