පී.බී හා විමල්ගේ සොහොයුරා FCID කැඳවයි

මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් පී.බී ජයසුන්දර  පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ. එම කොට්ඨාසය සිදුකළ කැඳවීමක් අනුව අද ...

මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් පී.බී ජයසුන්දර  පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

එම කොට්ඨාසය සිදුකළ කැඳවීමක් අනුව අද පෙරවරුවේ ඒ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාෂය වෙත පැමිණ ඇති බව වාර්තාවෙනවා.

මෙරටට සහල් ආනයනය කිරීමේදී සිදුව ඇති අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව මුදල් අමාත්‍යංශ හිටපු ලේකම් පී.බී ජයසුන්දරගෙන් ප්‍රකාශයක් ලබාගන්නා බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැවසීය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සොහොයුරෙකු වන සරත් වීරවංශ  ද එම කොට්ඨාසය වෙත මේ වන විට පැමිණ සිටියි.

වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔහු කැඳවා ඇති බව වාර්තා වේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1219989407799301942

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item