MH370 යානයේ විශාල සුන්බුන් කොටසක් හමුවේ

අතුරුදන් MH370 යානයේ යැයි විශ්වාස කෙරෙන විශාල සුන්බුන් කොටසක් ටැන්සානියාව ආශ්‍රිත වෙරළ තීරයට ගොඩගසා තිබියදී හමුවී තිබේ. පුද්ගලයන් 229 ද...

අතුරුදන් MH370 යානයේ යැයි විශ්වාස කෙරෙන විශාල සුන්බුන් කොටසක් ටැන්සානියාව ආශ්‍රිත වෙරළ තීරයට ගොඩගසා තිබියදී හමුවී තිබේ.

පුද්ගලයන් 229 දෙනෙකු සමග 2014 වසරේ මාර්තු මාසයේදී ඉන්දියන් සාගරය ආශ්‍රිතව අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානයේ මෙතරම් විශාල කොටසක් හමුවූ ප්‍රථම අවස්ථාව මෙයයි.

බෝයිං 777 වර්ගයේ යානය මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර සිට චීනයේ බීජිං බලා ගමන් කරමින් සිටියදී අතුරුදන් වූ අතර, යානය සොයා ලොව එදාමෙදා තුර සිදුකළ දැවැන්තම සෝදිසි මෙහෙයුම සිදුකළත් යානය කඩා වැටුණු සීමාවක් හෝ යානයේ සුන්බුන් රැඳි ස්ථානයක් සොයාගත නොහැකි විය.

කෙසේ වෙතත්, ටැන්සානියාවට ගොඩගසා තිබූ සුන්බුන් කොටස මේ වනවිට ඔස්ට්‍රේලියානු පරීක්ෂකයන් විසින් පරීක්ෂණයට බඳුන්කරමින් සිටින බව කියැවෙයි.

එහිදී, යානය අතරුදන් වන අවස්ථාවේදී යානය කවර තත්ත්වයක පැවතියේද යන්න පිළිබඳව හෝඩුවාවක් සොයාගැනීම පර්යේෂකයන්ගේ අරමුණ වී තිබේ.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 3614401426517316350

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item