සීනි සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට
ආනයනික සීනි මත පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (15දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. ඒ අනුව සීනි කිලෝග්‍රෑම් එකක් ...

https://www.sathhanda.com/2016/09/blog-post_110.html
ආනයනික සීනි මත පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (15දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. ඒ අනුව සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 1.75කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා මෙතෙක් පනවා තිබූ ශත විසිපහක බද්ද මේ අනුව රුපියල් 2/- දක්වා ඉහළ දැමෙනු ඇත.
මේ අතර ආනයනික දුඹුරු සීනි (Raw Sugar) කිලෝග්‍රෑමයක් සඳහා රු.15/- ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පනවමින් ක්‍රියාත්මක කර තිබේ. දේශීයව නිෂ්පාදිත දුඹුරු සීනි වෙළෙඳපොළට පැමිණෙන බැවින් දේශීය සීනි කර්මාන්තය ආරක්ෂා කිරීමේ අපේක්ෂාවෙන් දුඹුරු සීනි සඳහා මෙසේ රු.15/- ක, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි. මෙමඟින් දේශීය උක් වගා කරන ගොවීන්ට සහනයක් සැලසීම රජයේ අපේක්ෂාව වී තිබේ.
Related