විග්නේශ්වරන්ට එරෙහිව වවුනියාවේ විරෝධතා (PHOTOS)

ජාතිවාදය අවුස්සමින් ව්‍යවස්ථා විරෝධිව කටයුතු කටයුතු කරන උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ල...

ජාතිවාදය අවුස්සමින් ව්‍යවස්ථා විරෝධිව කටයුතු කටයුතු කරන උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා උතුර රකින රට සුරකින ජාතික බලවේගය සංවිධානය අද(30) වවුනියාව නගරයේදි විරෝධතාවයක නිරතවුණා.

විරෝධතාවයට එක් වු උතුරු පළාතේ නැවත පදිංචි කළ සිංහල ගම්මානයන්ගේ ජනතාව පැවසූවේ උතුරු පළාත තුළ නැවත ජාතිවාදි අදහස් වපුරවමින් ව්‍යවස්ථාට පටහැනිව ක‍්‍රියාකරන උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුළු කණ්ඩායම වහාම අත්අඩංගුවට ගෙන දඩුවම් ලබාදිය යුතු බවයි.

ඔවුන් වැඩිදුරටත් පැවසූවේ උතුරේ ප‍්‍රධාන අමාත්‍යවරයා උතුරු පළාතේ ජිවත්වන සිංහල ජනතාව නොසළකා කටයුතු කරමින් සිටින බවයි.

විරෝධතාවට එක් වු උතුර රකින රට සුරකින ජාතික බලවේගය සංවිධානයේ කැඳවුම්කරු නන්දසේන වීරසිංහ මහතා පැවසූවේ උතුරු පළාතේ පිහිටුවා ඇති යුධ හමුදා කඳවුරු ඉවත් නොකිරීම, උතුරු නැගෙනනහිර ඒකාබද්ධ කොට ෆෙඩරල් පාලනයක් ස්ථාපිත නොකිරීම, උතුරු පළාතේ බෞද්ධ විහාරස්ථාන හා බුදු පිළිම ආරක්ෂා කිරීම, නැවත පදිංචි ගම්මානයන්ගේ ජනතාව වෙත ආරක්ෂාව ලබාදීම, උතුරේ නැවත පදිංචි කළ ගම්මානයන්ගේ ජනතාව ජිවත්වන ඉඩම් වෙත කඩිනමින් ඉඩම් බලපත් ලබාදීම, උතුරේ ජනතාවට ප‍්‍රයෝජනයක් නොමැති, ජාතිවාදි අදහස් වපුරවන ස්ථානයක් වන උතුරු පළාත් සභාව විසුරුවා හැර බලය ආණ්ඩුකාරවරයා වෙත පවරාදීම, උතුරේ නැවත පදිංචිකළ ජනතාවගේ කාර්යයන් මධ්‍යම ආණ්ඩුව වෙත පවරා ගැනීම, සීමා නිර්ණය කිරීම තුළින් සිදුවන අසාධාරණකම් නවතාලීම ආදි ඉල්ලීම් ගණනාවක් ඉල්ලීම් කරමින් විරෝධතාවය පැවැත්වු බවයි.

වවුනියාව උමාමහේශ්වරන් මංසන්ධිය ආසන්නයෙන් මෙම විරෝධතාවය ආරම්භ කරනු ලැබු අතර, වවුනියාව මාර්ග පුරා ගමන් කරමින් සිය විරෝධතාවයේ නිරතවුණා.

විරෝධතාකරුවන් පැවසූවේ සිය ඉල්ලීම් ඉදිරිපත්කරමින් සංදේශයක් ජනාධිපතිවරයා,අගමැතිවරයා, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා, පොලිස්පතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කරන බවයි.

විරෝධතාවය වෙනුවෙන් උතුරු පළාතේ විහාරස්ථානයන්ගේ නායක ස්වාමීන්වහන්සේලා, රාවණා බලය සංවිධානයේ නියෝජිතයින්, උතුරු පළාතේ නැවත පදිංචි ගම්මානයන්ගේ ජනතාව, සිවිල් සංවිධාන නියෝජිතයින්, ප‍්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වි සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8912515967922918918

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item