සෆාරි රියේ බිහිසුණු ගමනෙන් මව සහ දියණිය එතනමයි – බිළිඳා විසිවී යයි (PHOTOS)

සෆාරි කැබ් රථයක් මාර්ගයේ ගමන් ගනිමින් සිටි මවක් දියණියක් සහ කුඩා දරුවෙකු යටකරගෙන ගොස් අසළ තිබූ මාර ගසක ගැටී අද (28) දහවල් අනතුරක් සිදුව තිබ...

සෆාරි කැබ් රථයක් මාර්ගයේ ගමන් ගනිමින් සිටි මවක් දියණියක් සහ කුඩා දරුවෙකු යටකරගෙන ගොස් අසළ තිබූ මාර ගසක ගැටී අද (28) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

ගල්කිරියාගම පුබ්බෝගම ප‍්‍රදේශයේදී සිදුවූ මෙම රිය අනතුරෙන් මව සහ දියණිය ජීවිතක්ෂයට පත්ව ඇති අතර කුඩා දරුවා තුවාල ලබා තිබෙනවා.

පුබ්බෝගම ක‍්‍රීඩාපිටිය අසළදී අනතුර සිදුවුණා.

මව සහ දියණිය කැබ් රථයට යටවී රථය සමග ඇදී ගොස් අසළ තිබූ මාර ගසට සිරවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. දියණිය අත දරා සිටි වයස අවුරුද්දක් පමණ වන කුඩා දරුවා අනතුරත් සමග මාර්ගය අසළ ඇති කාණුවක් දෙසට විසිවී ගොස් තිබෙනවා. ඒ අනුව දරුවා සොයා ගැනුණේ අදාළ කාණුවේ සිටියදීයි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8011530434119039328

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item