කොටි ප්‍රහාරයෙන් මුහුදුබත් වූ 'වාලම්පුරි' වසර 18ට පසුව සොයා ගනියි

1998 වසරේදී කොටි ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට ලක්ව පේදුරුතුඩුව මුහුදේදී ගිලීගිය නාවික හමුදාවට අයත් ‘වාලම්පුරී’ නෞකාව නාවික හමුදා...

1998 වසරේදී කොටි ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට ලක්ව පේදුරුතුඩුව මුහුදේදී ගිලීගිය නාවික හමුදාවට අයත් ‘වාලම්පුරී’ නෞකාව නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් ඊයේ (03දා) සොයාගෙන තිබේ.

මගී ප්‍රවාහන යාත්‍රාවක් වූ මෙයට ප්‍රහාරය එල්ල වනවිට නාවික හමුදා සාමාජිකයන් 20 ගමන් කර තිබූ රථ ඒ සියලුම දෙනා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූහ.

යුද්ධය හා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම යාත්‍රාව සොයාගැනීමට මීට ඉහතදී නාවික හමුදාවට නොහැකි විය. පේදුරුතුඩුවට නාවික සැතපුම් 8ට පමණ නුදුරින් තිබී නෞකාව සොයාගෙන ඇති අතර, එහි කැඩී ගිය කොටස් මුහුදු පතුලේ තිබෙන බව නාවික හමුදාව නිවේදනය කරයි.

යාත්‍රාවේ පහෙන් එකක පමණ කොටසක් වැල්ලෙන් යටව ඇති බවත් එම කොටස් මේ වනවිට මුහුදු ජීවීන්ට උචිත ලෙස හැඩගැසී ඇති බවත් නාවික හමුදාව පවසයි.







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5099210120539187785

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item