රමිත් වරද පිළිගනියි-29,000ක දඩයක්
නොසැලිකිළිමත්ව රිය ධාවනය කර අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල අධිකරණය හමුව...

http://www.sathhanda.com/2016/10/29000.html

පසුගිය මස 22 වැනිදා කොළඹ නිදහස් මාවතේ දී රමිත් රඹුක්වැල්ලගේ මෝටර් රථය තාප්පයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබුණි.
සිද්ධියට අදාළව ඔහු කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර පසුව පොලිස් ඇප මත මුදාහැරුණි.
කෙසේවෙතත් අපරික්ෂාකාරී අන්දමින් රිය පැදවීම, රිය අනතුරක් වළක්වා නොගැනීම, බීමතින් රිය පැදවීම ඇතුළු චෝදනා 5ක් යටතේ රමිත් රඹුක්වැල්ලට එරෙහිව පොලීසිය විසින් කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබුණි.
අදාළ නඩුව මෝසමක් මගින් අද(11) කැඳවු අවස්ථාවේ චෝදනාවලට තමා වරද පිළිගන්නා බව රමිත් රඹුක්වැල්ල අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ඔහුට රුපියල් 29,000ක දඩයක් රථ වාහන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය නියම කර තිබේ.
එමෙන්ම තාවකාලිකව අත්හිටුවා තිබූ රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රය මුදාහැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
Related