අලුත් ප්‍රියස්වල බ්‍රේක් ප්‍රශ්නයක් – 340,000 ක් යළි ගෙන්වයි

ටොයෝටා ප්‍රියස් නවතම ගැසොලයින් හයිබ්‍රිඩ් මෝටර් රථ 340,000 ක් යළි කැඳවීමට පියවර ගෙන ඇති බව නි‍වේදනය කර සිටී. Toyota Motor Corp සමාගම අද (...

ටොයෝටා ප්‍රියස් නවතම ගැසොලයින් හයිබ්‍රිඩ් මෝටර් රථ 340,000 ක් යළි කැඳවීමට පියවර ගෙන ඇති බව නි‍වේදනය කර සිටී. Toyota Motor Corp සමාගම අද (12) දිනයේ දී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙම මාදිලියේ වාහනවල තිරිංග පද්ධතියේ දෝෂයක් ප්‍රතිෂ්ඨාපනය සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.

2015 අගෝස්තු සිට 2016 ඔක්තෝබර් දක්වා නිෂ්පාදිත වාහන මෙලෙසින් යළි කැඳවීමට පියවර ගෙන ඇත. ඒ අතර ජපානයේ ඇති වාහන ඒකක 210,000 ක්, උතුරු ඇමරිකාවේ වාහන 94,000 ක් සහ ඉතිරිය යුරෝපය, ඕස්ට්‍රේලියාව සහ අනෙකුත් කලාපවලින් යළි කැඳවීමට නියමිතය.

කෙසේ වෙතත් ටොයෝටා හි ප්‍රකාශිකාවක රොයිටර් පුවත් සේවය වෙත පවසා සිටින්නේ මෙම දෝෂ සහිත යැයි අනුමාන කෙරෙන කිසිදු මෝටර් රථයක් අනතුරුවලට ලක් වූ අවස්ථාවක් මෙතෙක් වාර්තා වී නොමැති බවත්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

ව්‍යාපාරික 4432220503076253881

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item