ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මාස දෙකකින් - එම්.ඒ. සුමන්තිරන්

ඉදිරි මාස දෙක ඇතුළත නව ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කෙටුම්පත එළි දැක්වීමට හැකි වෙතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්ත...

ඉදිරි මාස දෙක ඇතුළත නව ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කෙටුම්පත එළි දැක්වීමට හැකි වෙතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ දෙමළ ජාතික සන්ධානය වෙත පැවරී ඇති වගකීම්වලින් සියයට අනූවක් පමණ ඉටු කොට අවසන් බව ද ඔහු කියා සිටියි.

මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ වව්නියාවේ පැවති ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා කමිටු රැස්වීමක් අමතමිනි.

දෙමළ ජාතික සන්ධානය පමණක් නොව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් පත් කර තිබෙන පාර්ලිමේන්තු කමිටු විසි එක සහ අනු කමිටු හතද සිය කටයුතු සැලකිය යුතු ප්‍රමාණයකින් අවසන් කොට ඇති බවත් ඔහු එහිදී සඳහන් කළේය.

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ගන්නා ලද තීරණ අදාළ කමිටු විසින් එළිදක්වනු නොලබන්නේ ඇතැම් පාර්ශව එම කරුණු තම දේශපාලන වාසි සඳහා යොදා ගෙන රට තුළ අනවශ්‍ය ගැටළු නිර්මාණය කිරීමට උත්සාහ ගන්නා බැවින් යැයිද ඔහු කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ විධායක බලතල ඉවත් කිරීම, බලය බෙදාහැරීම හා මැතිවරණ ක්‍රමය ඇතුළු යෝජනා ගණනාවක් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සඳහා ඇතුළත් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් වැඩිදුරටත් පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 179470252550666462

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item