හිංදු භක්තිකයින් අයිතීන් වෙනුවෙන් සිව සේනා එයි

ලාංකික හින්දු භක්තිකයින්ගේ ආගමික අයිතීන් ආරක්ෂා කිරීම උදෙසා හිංදු භක්තික කණ්ඩායම් කිහිපයක් එක්වී ‘Siva Senai’ සිව සේනා නමින් සංවිධානයක් ප...

ලාංකික හින්දු භක්තිකයින්ගේ ආගමික අයිතීන් ආරක්ෂා කිරීම උදෙසා හිංදු භක්තික කණ්ඩායම් කිහිපයක් එක්වී ‘Siva Senai’ සිව සේනා නමින් සංවිධානයක් පිහිටුවාගෙන තිබේ.

ඒ වවුනියාවේදී පසුගිය දිනක පැවැත්වූ විශේෂ උත්සවයකදීය.

එහි ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කරන මරවපුලව සචිතානන්දන් නැමැති අය මේ ගැන ඉන්දීය මාධ්‍ය වෙත අනාවරණයක් කර තිබේ.

ඔහු පවසා ඇත්තේ ලාංකාවේ ක්‍රියාත්මක වන ඇතැම් ආගමික සංවිධානවලින් හිංදු ආගමිකයින්ගේ අයිතිවාසිකම්වලට බලපෑම් එල්ල වී ඇති බවයි.

මේ හේතුවෙන් එම ජනතාවගේ ආගමික අයිතීන් ආරක්ෂා කිරීම සඳහා මෙය පිහිටුවා ගත් බව ඔහු පවසා ඇත.

සිව සේනා නමින් ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂයේ සෘජූ සම්බන්ධයක් මෙයට නැතැයිද එහෙත් ඔවුන්ගේ සහය මේ සඳහා ලැබෙන බවද හෙතෙම පවසා තිබේ.

කෙසේ වුවද මෙය ආරම්භ කිරීමට පෙර එම පක්ෂයේ උපදෙස් මෙන්ම, (VHP) Vishva Hindu Parishad, ඉන්දීය දක්ෂිණාංශික දේශපාලන පක්ෂයක්, (RSS) Rashtriya Swayamsevak Sangh ඉන්දීය හිංදු ජාතික සංවිධානයක්, Bharatiya Janata Party භාරතීය ජනතා පක්ෂය නැමැති ආගමික හා දේශපාලන පක්ෂවල උපදෙස් ලැබුණු බවද හෙතෙම සඳහන් කර ඇත.

මේවන විට සිව සේනා සංවිධානය මූලික අදියරේ කටයුතුවල නිරත වන බවද ශ්‍රී ලංකාවේ දිස්ත්‍රීක්ක 25ම හිංදු ආගමික ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් එම සංවිධානය කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර මේ ගැන අදහස් දක්වමින් ද්‍රවිඩ සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසා ඇත්තේ ආගම දේශපාලන කටයුතුවලට ඈඳා ගැනීමත්, දේශපාලන කටයුතු ආගමට ඈඳා ගැනීමටත් විරුද්ධ බවයි.

ඉන්දියාවේ සිව සේනා පක්ෂයේ කටයුතු ගැනද හොඳක් කිව නොහැකි බවද ඒ ගැන කළ විමසීමකදී මන්ත්‍රීවරයා පවසා ඇත.

මේ අතර සිව සේනා හි ප්‍රධානියෙකුගෙන් කළ විමසීමකදී හෙතෙම පවසා ඇත්තේ සිව සේනා නමින් වෙනත් රටවල ශාකා ඇති බවක් තමන් නොදන්නා බවයි.

ඒ අනූව ශ්‍රී ලංකාවේ එවැන්නක් ක්‍රියාත්මක කිරීමට හෝ ආරම්භ කිරීමට කිසිදු අවසරයක් සිව සේනා පක්ෂයෙන් ලබාගෙන නැතැයිද හෙතෙම අවධාරණය කර ඇත.

කෙසේ වුවද ඉන්දීය පාර්ලිමේන්තුවේ සිව සේනා පක්ෂය නියෝජනය කරන රාජ්‍ය සභා මන්ත්‍රීවරයෙකු වන සංජේ රවුට් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ දෙමළ පිරිසක් සිව සේනෙයි නමින් ඒකකයක් පිහිටුවා ඇති බවයි.

ඔවුන්‍ තමිල්නාඩුවේ සිව සේනා ඒකකය සමග සහයෝගයෙන් වැඩකරනු ඇති බවද හෙතෙම පවසා ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3221627241123914233

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item