උදලාගමට ඇප දෙයි !

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ්භාරයේ සිටි හමුදා බුද්ධි අංශ සාමාජික ප්‍රේමානන්ද උදලාගම ඇප මත මුදාහැරීමට ගල්...

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ්භාරයේ සිටි හමුදා බුද්ධි අංශ සාමාජික ප්‍රේමානන්ද උදලාගම ඇප මත මුදාහැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් මොහොමඩ් ශාබ්දීන් අද (27) නියෝග කළේය.

රුපියල් 50,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත හමුදා බුද්ධි අංශ සාමාජිකයා මුදාහරින ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඔහුට විදෙස්ගතවීම අත්හිටවූ අතර, එසේම ඔහුට කිසිදු හමුදා කඳවුරකටයාම මෙන්ම හමුදා බුද්ධි අංශ සමඟ ගනුදෙනු කිරීමද තහනම් කෙරුණි.

මේ නඩුව ලබන 24 වැනිදා නැවත කැඳවීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4170831055885996996

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item