උදලාගමට ඇප දෙයි !
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ්භාරයේ සිටි හමුදා බුද්ධි අංශ සාමාජික ප්‍රේමානන්ද උදලාගම ඇප මත මුදාහැරීමට ගල්...

https://www.sathhanda.com/2016/10/blog-post_446.html
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ්භාරයේ සිටි හමුදා බුද්ධි අංශ සාමාජික ප්‍රේමානන්ද උදලාගම ඇප මත මුදාහැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් මොහොමඩ් ශාබ්දීන් අද (27) නියෝග කළේය.
රුපියල් 50,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත හමුදා බුද්ධි අංශ සාමාජිකයා මුදාහරින ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඔහුට විදෙස්ගතවීම අත්හිටවූ අතර, එසේම ඔහුට කිසිදු හමුදා කඳවුරකටයාම මෙන්ම හමුදා බුද්ධි අංශ සමඟ ගනුදෙනු කිරීමද තහනම් කෙරුණි.
මේ නඩුව ලබන 24 වැනිදා නැවත කැඳවීමට නියමිතය.
Related