මහබැංකු බැඳුම්කර සිදුවීම ගැන සාක්ෂි දෙන්න වාසු සූදානම්

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධව තමන් දන්නා කරුණු සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට සූදානම් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් ...

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධව තමන් දන්නා කරුණු සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට සූදානම් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර අද (24දා) පැවසීය.

බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර,

“අර්ජුන් මහේන්ද්‍රන් යළිත් පත්කරන්න අගමැතිවරයා උත්සාහ ගත්තා නේද? එයාගේ හෙන්චයියන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කරලා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළා නේද? ඒකෙන් අර්ජුන් නිදොස් කළා නේද? එහෙම අලාභයක් වෙලා තියෙනවා කියලවත් පිළිගත්තෙ නෑ නේද? අගමැති මේ වංචාව වසන් කරන්න, යටපත් කරන්න හැදුවා. එයාගේ හෙන්චයියන්ගේ වාර්තාවෙන් පාර්ලිමේන්තුවත් රටත් නොමග යැවුවා.

අන්තිමට මම පොලිස්පතිතුමාට ලිඛිතව දැනුම් දුන්නා අර්ජුන් මහේන්ද්‍රන් දැනුවත්ව මේ රටේ දේපොළවලට බරපතළ හානියක් කරලා තියෙනවා, මේ කටයුත්ත කිරීමට අගමැතිවරයා සම්බන්ධ වෙලා තියෙනවා කියලා මම කිව්වා සාක්ෂි දෙන්න ලෑස්තියි කියලා. කෝ මගෙන් සාක්ෂි ගත්තද? ප්‍රකාශයක් ගත්තද? තවමත් නෑ.

හිටපු ජනාධිපතිනියගේ වංචා දූෂණ ඇතුළත් වමේ පැමිණිල්ලට මොකද වුණේ කියලා මං පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවා. පොලිස්පතිතුමා මට ලියලා තියෙනවා මේ පැමිණිලි නීතිපති දෙපාර්තුමේන්තුවට යවලා තියෙනවා, එහෙන් තාම ලිපිගොනුව ආවේ නෑ කියලා. නීතිපති, අල්ලස් කොමිසමෙ අධ්‍යක්ෂ ජනරාල්, එෆ්සීඅයිඩි එක, සීඅයිඩී එක, පොලීසිය, අර්ජුන් මහේන්ද්‍රන් හා මහබැංකුව, සියලුදෙනා එකතුවෙලා මේක පිළිබඳව හොයබැලීමක් නොකර යටපත් කරලා තියෙනවා. අගමැති හවුල්කාරයෙක් නිසා එසේ වී ඇත්තේ.

මම දන්නා වූ සාක්ෂියක් තියෙනවා අර්ජුන් මහේන්ද්‍රන් කොප් කමිටුව ඉදිරියේ දිවුරා සාක්ෂි දෙමින් කියා තිබෙනවා ඔහු මෙසේ කළේ අගමැතිගේ උපදෙස් අනුවයි කියලා. එහෙම කියලද නැද්ද කියලා බලන්න. මම කොහොමද හොයාගත්තෙ කියන එකෙන් වැඩක් නැහැ. මේ කතාව ඇත්තද නැත්තද කියන එකයි වැදගත් වෙන්නේ. මේ මහබැංකු බැඳුම්කර වංචාවට අගමැතිගේ සම්බන්ධය ගැන, අර්ජුන් මහේන්ද්‍රන්ගේ සම්බන්ධය ගැන පරීක්ෂණ මගින් සොයාගත යුතුයි. අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධ බවට කොප් කමිටුවට එදා හෙළිකරන්න බැරිවුණා. නැවත සාක්ෂි පදනම් කරගත්තානම් අර්ජුන් මහේන්ද්‍රන් මේකේ වාරදකාරයාය කියන එක කෝප් කමිටුවේ පොදු වාර්තාවෙ සඳහන් වේවි.” යැයි පවසා සිටියේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1369026269169202070

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item