රජයේ රැකියාවක් බලාපොරොත්තු වුණත්, ඊට වඩා හොඳ රැකියා පුද්ගලික අංශයේ තිබෙනවා - රංජිත් සියඹලාපිටිය

"මම විදුලිබල හා පුනර්ජනනීය ඇමතිවරයා. මගේ ප්‍රධාන කාර්ය වෙන්නේ විදුලිය නිපදවීම, සම්පේ‍්‍රෂණය සහ බෙදාහරින එකයි. නමුත් මහජන දිනයේදී මගේ...

"මම විදුලිබල හා පුනර්ජනනීය ඇමතිවරයා. මගේ ප්‍රධාන කාර්ය වෙන්නේ විදුලිය නිපදවීම, සම්පේ‍්‍රෂණය සහ බෙදාහරින එකයි. නමුත් මහජන දිනයේදී මගේ ප්‍රධාන කාර්යය වෙන්නේ රැකියාදීමයි. හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ රජයේ රැකියාවක්. නමුත් පුද්ගලික අංශයේ ඊට වඩා විශාල වැටුපක් ගන්න පුළුවන් රැකියා තිබෙනවා. අපි අන්න ඒ සමාජ රික්තය පිරවිය යුතුයි" යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ජාතික තරුණසේවා සභාවේ මෙහෙයවීම යටතේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා සැපයීම ඉලක්ක කරගනිමින් පසුගියදා පැවති රැකියා වෙළඳපලේ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

"අපිට ජාතික වශයෙනුත් වැදගත්කමක් තිබෙනවා, පුද්ගලික අංශයේ රැකියා සඳහා යොමුවීමෙන්. බියගම වෙළද කලාපයේ පමණක් මේ වනවිට රැකියා 25,000 ක පමණ පුරප්පාඩු පවතිනවා. රැකියා සම්බන්ධ අපේ සිහින තිබෙනවා. මම ඉගෙන ගත්තේ කළමණාකරන විද්‍යාව. ඒත් මට ඕන අනේ පොලීසියට යන්න. නමුත් අපේ පැත්තේ හිටපු ඇමතිවරයා මම ශ‍්‍රි ලංකා පවුලක නිසා විශේෂ අවධානය යොමුකරලා මගේ රැකියාව කපලා දැම්මා. ඒ නිසා මම තීරණය කළා නැවත රජයේ රැකියාවක් හොයන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම පැළ තවානක් කළා. අවුරුදු 02ක් යනකොට මම ලංකාවේ ඉන්න විශාලම පැලතවාන් හිමියා වුණා. ඒකට ප‍්‍රධාන හේතුව තමයි තමන්ට ලැබුණ දේ පිළිබඳව කැපවෙලා, ඉලක්කයක් තියාගෙන වැඩ කරන්න ඕන කියන එක.,

,මේ සමාජයේ විශාල රික්තයක් තිබෙනවා, රාජ්‍ය අංශයේ රැුකියවක්ම බලාපොරොත්තු වෙන. නමුත් පුද්ගලික අංශයේ ඊට වඩා හොඳ රැකියාවන් තිබෙනවා. විදේශීකයෝ මේ රටට එන්නේ භූමිය, ශ‍්‍රමය, ප‍්‍රාග්ධනය සහ ව්‍යවසාය යන කරුණු 04 මත. ඒ කරුණු ඉටු නොවන විට ඔවුන් වෙනත් රටවල් කරා යනවා. ඒ නිසා රජයේ රැකියාම බලාගෙන ඉන්නේ නැතිව, පුද්ගලික අංශයේ රැකියා කරාද යොමුවෙලා තමන්ද සංවර්ධය වී රට සංවර්ධනයට දායක වියයුතුයි, යැයි පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2202342338714540488

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item