නගරසභා විසුරවා ඇති නිසා පිරිසිදුකිරීම් අක්‍රියයි - දඹු‍ල්ලේ වෙළෙඳසැල් හිමියන්ගෙන් රජයට චෝදනා(PHOTOS)

දඹුල්ල, බස් නැවතුම්පොළේ වෙළෙඳසැල් හිමියන් වෙළෙඳසැල් වසාදමා විරෝධතාවයක් පවත්වා තිබේ. නගර සභාවෙන් ඉටු විය යුතු සේවාවන් ඉටු කර දෙන ලෙස බලක...

දඹුල්ල, බස් නැවතුම්පොළේ වෙළෙඳසැල් හිමියන් වෙළෙඳසැල් වසාදමා විරෝධතාවයක් පවත්වා තිබේ.

නගර සභාවෙන් ඉටු විය යුතු සේවාවන් ඉටු කර දෙන ලෙස බලකරමින් ඔවුන් විරෝධතාවයේ නිරත වූ බව වාර්තා වෙනවා.

නාගරික කොමසාරිස්වරිය සිය හිතුමතේ තම වෙළෙඳසැල් වසා දමන බවත්, බස් නැවතුම්පොළ දැඩි ලෙස අපිරිසිදු වී ඇතත් එය පිරිසිදු කිරීමට කටයුතු නොකරන බවත් විරෝධතාකරුවන් පෙන්වා දෙයි.

ඔවුන් පවසන්නේ තමන් රජයට විශාල බදු මුදලක් ගෙව්වද නගර සභාවෙන් ඉටුවිය යුතු සේවාවන් ඉටු නොවන බවයි.

එම ස්ථානයට පැමිණි නාගරික කොමසාරිස්වරුන් සහ විරෝධතාකරුවන් අතර තරමක උණුසුම් තත්ත්වයක්ද ඇති වූ බව වාර්තා වෙනවා.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7119519200950438612

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item