රජයට කෝටි ගාණක බදු අහිමිකරමින් Hummer ඇතුළු සැප වාහන70ක් දැනටමත් ගෙනල්ලා - ලැයිස්තුව මෙන්න

අය බදු විශේෂ විධිවිධාන පනත ප්‍රකාරව තීරුබදු රහිතව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සුඛෝපභෝගි වාහන ගෙන්වීමට ලබාදුන් අවසරය මත මන්ත්‍රීවරුන් 70 දෙන...

අය බදු විශේෂ විධිවිධාන පනත ප්‍රකාරව තීරුබදු රහිතව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සුඛෝපභෝගි වාහන ගෙන්වීමට ලබාදුන් අවසරය මත මන්ත්‍රීවරුන් 70 දෙනෙකු මේවන විට වාහන ගෙන්වා ඇතැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පෙන්වාදෙයි.

මෙලෙස ගෙන්වා ඇති එක් වාහනයක තීරුබද්ද පමණක් රුපියල් මිලියන 33 හමාරක් පමණ වන බව ඔහු සඳහන් කරයි.

මෙලෙස ගෙන්වා ඇති වාහන ඇතැම් ව්‍යාපාරික ස්ථානවල චැසි නම්බර් සහිතව ප්‍රදර්ශනයට තබා ඇති බවද ඔහු කියයි.

රජයේ බදු ප්‍රතිපත්තිය උල්ලංඝණය කර මේ ආකාරයට වාහන ගෙන්වීම නිසා වසරකට රජයට රුපියල් බිලියන 40ක පමණ මුදලක් අහිමිවන බවට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා නොවැම්බර් 20දා අය වැය කතාවේදී සඳහන් කළ නමුත් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත්, එය පෙර ආකාරයටම ක්‍රියාත්මක වන බව මෙයින් පෙනෙන්නට ඇති බවත්, ඔහු පෙන්වාදෙයි.

තීරු බදු නොගෙවා මන්ත්‍රී වරප්‍රසාද භාවිතා කරමින් මෙලෙස ගෙන්වන එක් වාහනයකින් රුපියල් මිලියන 33 හමාරක මුදලක් රජයට අහිමි වන බවත්, එම වාහන බලපත්‍රය මන්ත්‍රීවරයෙකුගෙන් ලබාගන්නා වෙළෙන්ඳෙකු එය විකුණා මන්ත්‍රීවරයාට මිලියන 25ක්ද, ඉතිරි මිලියන 8 හමාර ඔහුද ගන්නා බවත්, මේ නිසා රජයට ශත 5කවත් බද්දක් නොලැබෙන බවත්, ඔහු කියයි.

තීරුබදු රහිතව වාහන ගෙන්වීමට අවසරදීමෙන් සිදුවන මෙම බදු වංචාවට එරෙහිව පරීක්ෂණ කරන්නැයි ඉල්ලා තමන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට පැමිණිලි කළ බවත්, එසේ වුවද රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නිසා රජයට වන පාඩුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට මැදිහත්විය නොහැකි බවට එහි අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් තමන්ට ලිපියකින් දැනුම්දුන් බවත් සඳහන් කරයි.

කෙසේ වුවද අල්ලස් පනතේ 4 වැනි වගන්තිය යටතේ විශ්වාසදායි හා විධිමත් විමර්ශනයක් සිදුකිරීමට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට වගකීමක් ඇති බවද ඔහු පෙන්වාදෙයි.

එහෙත් රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ රජයේ බදු ප්‍රතිපත්තිය වූ කලී නීත්‍යානූකූල එකක් බැවින් ඊට වංචා කිරීමේ හැකියාවක් කිසිදු මහජන නියෝජිතයෙකුට නැති බැවින් ජනතාවට මේ සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතිය හැකි බවද ඔහු කියයි.

ඒ අනූව මන්ත්‍රීවරප්‍රසාද භාවිතා කර තමන් නමින් ආනයනය කරන වාහනයක් විකිණීම අල්ලස් පනතේ 70 වැනි වගන්තියට යටතේ අපරාධ වරදක් බවත්, වාහනය විකුණිය හැක්කේ සම්පූර්ණ බදු ගෙවිය යුතු බවට අතුරු වගන්තියකින් සඳහන් කර ඇති බවත් සඳහන් කරයි.

කෙසේ වුවද මන්ත්‍රීවරුන් අයථා ලෙස මෙම බලපත්‍රය විකුණමින් විශාල මුදලක් තමන් සතු කරගන්නා අතරම වෙළෙන්දාට ද මිලියන ගණනක වාසියක් සිදුවන බවත්, ඉන් බදු වශයෙන් රජයට ලැබිය යුතුව තිබූ කෝටි ගණනක මුදලක් අහිමි වී යන බවත්, ඔහු පෙන්වාදෙයි.

ඒ අනූව මෙම ක්‍රියාදාමය තුළ විධායකය හා ව්‍යවස්ථාදායකය යන දෙකම ජනතා පරමාධිපත්‍ය උල්ලංඝණය කර ඇති බවත්, ජනතාවගේ විශ්වාසය කඩකරන ආයතනවලට එරෙහිව කටයුතු කිරීමේ අයිතිය ජනතාවට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බවත්, ඔහු අවධාරණය කරයි.

තමන් මේ ආකාරයෙන් හෙළිදරව් කිරීම් සිදුකරන්නේ කිසිදු දේශපාලන පක්ෂයක් සමග හෝ මහජන නියෝජිතයෙකු සමග අමනාපයකට නොව ජනතාවගේ පරමාධිපත්‍ය වෙනුවෙන් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.


එම මන්ත්‍රීන් 70 දෙනාගෙන් 66 දෙනෙකුගේ විස්තර පහත පරිදිය.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 577566069834818842

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item