රටක් හදන්න කාලයක්ගතවෙනවා නමුත් රටක් විනාශකරන්න ගතවෙන්නේ සුලුකාලයක්

ඉහත දැක්වූ මේ කියමන තේරුම් කරන්න අටුවා ලියන්න උවමනාවක් නැ හොඳම උදාහරණය 2015ජනවාරි 8 වනදා ලංකාවේ කරුමයට සිදු උන දේශපාලන වෙනස. කියමනක් ති...


ඉහත දැක්වූ මේ කියමන තේරුම් කරන්න අටුවා ලියන්න උවමනාවක් නැ හොඳම උදාහරණය 2015ජනවාරි 8 වනදා ලංකාවේ කරුමයට සිදු උන දේශපාලන වෙනස. කියමනක් තියෙනවා ඇපල් ගෙඩිය කුනුවෙන්නේ ඒක ඇතුලෙමඉන්නා පනුවාගෙන් කියලා. එවගේතමා ජනාධිපති මහින්ද රාජපක්ෂමැතිතුමාගේ පාලනකාලය අවසන් උනෙත් ඇතුලේමහිටිය දේශපාලන ප්‍රතිපත්තියක් කියන එකක් ගෑවිලාවත් නැති මෛත්‍රිපාල සිරිසේන අමාත්‍යවරයා රෑයාමෙම පැදුරටවත්නොකියා ගිහින් රනිල් වික්‍රමසිංහගේ යුඇන්පී කූඩාරමට රිංගාගත්ත නිසයි.

1973 විතර ඉඳලා ඉන්දියාවෙන් ත්‍රස්තවාදය ඉගෙනගත් දෙමල ත්‍රස්තවාදියෝ ලංකාව විනාශකරලා අවුරුදුතිස්හයක් තිස්සේ රටේ ජනතාව මරණ බියෙන් පෙළුන මහත් දුක්ඛිත කාල පරිච්ඡේදයකට ඇදදැම්මා. මේ මහා භීතියෙන් ජනතාව බේරාගන්න යුඇන්පී ජනාධිපති ජේ ආර් ජයවර්ධනටවත් , ආර් ප්‍රේමදාසටවත්, ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ චන්ද්‍රිකා කුමාරතුන්ගටවත් බැරිඋනා.

නමුත් ලංකාවේ පෙරපිනකට 2005 අවුරුද්දේ ජනාධිපති බවට චන්දයෙන් පත්වූ මහින්ද රාජපක්ස ජනාධිපතිතුමා අවුරුදු පහක තරම් කෙටි කාලයකින් අවුරුදු 35ක්තරම් දිග කාලයක් පැවතී ත්‍රස්තවාදය 2009 වසරෙදී සම්පුර්ණයෙන් අවසන් කර අවුරුදු 5 කට පසුව අන්ත විනාශයකට පත්ව තිබු අපේ රට අපේක්ෂානොකල තරම් පුදුම සෑම අතින්ම දියුනුවූ රටක් බවට පරිවර්තනයකලා.

නමුත් මේ ජනාධිපති මහින්ද රාජපක්ස මැතිතුමා මහත් උනන්දුවකින්, පරිශ්‍රමයකින් හා මහත් පරිත්‍යාගශීලීත්වයකින් දියුනුකල අපේරට 2015 ජනවාරි 8වනදා අප රටේ අවාසනාවකට සිදුවූ දේසපාලන පෙරළියෙන් පත්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යුඇන්පී රනිල් වික්‍රමසින්හ උන්නැහේ අගමැතිකරගෙන අවුරුදු දෙකක් යන්ටත් ඉස්සෙල්ලා මෙරට 2005ට පෙර පැවතී තත්වය තරම් විනාශයකට පත්කරලා තියෙනවා.
අගමැති රනිල් වික්‍රමසින්හට ඕනේ ලංකාව බටහිරට විකුනලා සුද්දන්ගේ ප්‍රසාදය ලබාගන්න. ජනාධිපති සිරිසේනට ඕනෑ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස ආයෙත් දේශපාලනයනට නොඑන්න තරම් විනාශයකට පත්කරන්න. සිරිසේනගෙන් පස්සේ ජනාධිපති වන්න සිහිනමවන වික්‍රමසිංහටත් උවමනායි මහින්ද රාජපක්ෂව හා ගොටාභය රාජපක්ස දේසපාලන භූමියෙන් ඈත් කරන්න. මේ වැඩේට දෙන්නම තරඟෙට වැඩ. රට හැදිම පැත්තකට දමලා මහින්ද රාජපක්සට කෙනෙහෙලිකම් කරන්න තමා යහපාලනය කරන හැම දෙයක්ම දැන් කරන්නේ.

ගොටාභය රාජපක්ස මැතිතුමාට අගෞරවකරන්න සරත් ෆොන්සේකා ෆිඑල්ඩ් මාර්ෂල් කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස මැතිතුමාට නින්දා අපහාස කරණ්ට කිලුට කටක් තියෙන සරත් ෆොන්සේකාට ඇමති කමක් දුන්නා. සරත් ෆොන්සේකා ඇමතිට නියම වැඩකොටස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ස මහත්මයාට අපහාසාත්මක වන විධියේ නින්දා කථා පාර්ලිමේන්තුවේදී කරන එක. මේ කාර්යයට විශාල මුදලක් වියදම් කරලතියෙනවා. සරත් ෆොන්සේකාගේ ඇමති කාර්යාලයේ වියදම් සඳහා රුපියල් මිලියන 592ක් හා සුපිරි වාහනයක් සඳහා රුපියල් මිලියන 70වක් ගෙවලා තියෙනවා. ඉස්සර කාලේ රජමාලිගාවෙත් හිටියා කවටය කියල මිනිහෙක් මේකත් එක විධියකට ඒ වගේ පත්වීමක්.
අපේ බෞද්ධ හැදියාවක් තමා පිදිය යුත්තම් පිදීම.

ගෞරවකලයුත්තන්ට ගෞරව කිරීම හා කලගුනසැලකීම. නමුත් යහපාලනය පටන්ගත්තේ අපේ මේ සන්ස්කෘතික හැදියාවන්ට පයින් ගහල. ඒ නිසා මේ යහපාලන ආණ්ඩුවටත් එයට ප්‍රමුකත්වයදුන් සිරිසේන-රනිල්- චන්ද්‍රිකා තුන්හව්ලටත් මුහුනදෙන්න සිදුවන මහා ඛේධවාචකය එතරම් දුරක නැත.

1948 නිදහස ලැබූදා සිට 2005 වනතුරු ලංකාව නියම නිදහසක්, ජනතාවට සැලකියයුතු උසස් ජිවනතත්වයක්, හෝ රට ප්‍රබල දියුණුවක් නොලද්දේය. නමුත් 2009යෙ ත්‍රස්තවාදය නිමකර නොලැබූ ඒ සියලු දෑ ජනතාවට හා රටට ලබාදුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ස මැතිතුමා හා එතුමා නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවෙන්ය. මෙම මහාපෙරලිය ලංකා පොලොවේ “කුරෝ කුහුඹි” යෙකුටවත් අමතක කලනොහැක.

නමුත් එදා 2015 ජනවාරි 8 වනදා මේ රටේ කලගුනසැලකීමක් නොදත් අඥාණ මෝඩයන් “ වෙනසකට” කියා අපි දිවිහිමියෙන් ණයගැති අපේ ජානාධිපති මහින්ද රාජපක්ස මැතිතුමන් පරදවා රටට නොවටින කෙනෙකුට චන්දයදුන්නේ අපේරටේ මළගම ඉක්මන් කරන්ට බව ඒ අඥාණයින් දැන් තේරුම් ගෙන සිටිනවාට අනුමානයක්නැත.

මෛත්‍රිපාල සිරිසෙන මහතා ජනාධිපති උනාට පසු කලේ අපි ආදරයකරන මහින්ද රාජපක්ස මැතිතුමාට ඔහුගේ පවූලේ උදවියට හා යම්විධියකින් හෝ ඔහුට සම්බන්ධ සෑමදෙනා ගෙන්ම මහා නින්දිත පලිගැනීමක්. පුදුමයකට තියෙන්නේ දැන් මේ යහපාලන ආණ්ඩුව හැම අතින්ම මහත් පරාජයකට පත්වී තිබෙන බව දැනදැනත් රටේ ඉංග්‍රීසි උගත් උගතුන්යයි කියාගන්නා කොලඹ නිර්ලජ්ජිත මද්යම පන්තිකයෝ ගුවන්විදුලි සාකච්චා වලට සහභාගිවී කියන්නේ යහපාලන ආණ්ඩුව ත් මහින්ද රාජපක්ස ආණ්ඩුව වගේ හැසිරෙනවා කියලා. මේ රටට ඉමහත් සේවයක් කල රාජපක්ස ආණ්ඩුව කෙසේනම් මේ මූසල යහපාලන යට සමකල හැකිද ?
උන් පිලිගන්න අකමැතියි කොය්තරම් අපහසුකම් මද්‍යයේ උවත් මහින්ද රාජපක්ස මැතිතුමා අපේ රට දියුනුකලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කලා. ඒ සියල්ලම කලේ ඉතා කලබලකාරී වාතාවරණයක. මහින්ද රාජපක්ස තුමා ගේ ආණ්ඩුව අවුරුදු තිහක් තිස්සේ දුක්විඳි ජනතාවගේ සිංහල දෙමළ මුස්ලිම් පක්ෂ භේදයක් නැතිව ජීවනතත්වය ඉහල දමලා රට දියුනුකරලා සෞභාග්‍යමත් අනාගතයක් ඇතිකරන්න ඉමහත් පරිශ්‍රමයක් දැරුවා. ඒ අතරතුර පැවති හොර මැරකම් දේසපාලන කෙනෙහෙලිකම් මැද දෙශීය අභිමානය නැතිකරන්න උත්සහකල විදෙශීය බලවතුන්ට නිර්භයව මුහුණ දෙමින් ගෙනගියේ අපට හිතා ගන්නත් අපහසු කාර්ය භාරයක් මහින්ද රාජපක්ස මැතිතුමා ඉටුකලා .

නමුත් මේ කොලඹ උගතුන්යයි කියාගන්න ආකෘතන්ඥයෝ කියනහැටියට ජනාධිපති මහින්ද රාජපක්ස මැතිතුමාගේ ආන්ඩු කාලයේ තිබිල තියෙන්නේ මිනිස්සු බිච්චියට හේත්තු කරන, මාද්‍යවේදීන් මරණ, සුදුවෑන් සන්ස්කෘතියක් පවත්වාගෙනගිය මහා විභිසන කාලපරිච්චේදයක්. එහෙනම් ඒ තරම් නින්දිත භයානයක ආණ්ඩුවක් පවත්වාගෙන ගිය ජනාධිපති මහින්ද රාජපක්ස කොහොමද මගේ ශ්‍රී ලංකාව දේසපාලන වශයෙන් විදෙශීය රාජ්‍යයන් සමග මිත්‍රත්වයක් පවත්වාගෙන යමින් රටේ නා නා විධියේ පරිසර, මාර්ග, වාරිමාර්ග, අද්‍යාපනික, සහ වෙනත් සංවර්ධනයක් ඇතිකළේ.

එහෙම නම් කොහොමද මේ, එතුමා-මහින්ද රාජපක්ස, මුහුණදුන් කිසිම අපහසුතාවයන් නැතිව ඇමෙරිකාව හා බටහිර බලවතුන්ගේ සම්පුර්ණසහාය ඇතිව සිරිසේන-රනිල්-චන්ද්‍රිකා කල්ලියට මේ කිසිවක් කරගන්න බැරිව දියුණුවේ ප්‍රානවත්භාවයෙන් ඉපිලී යමින් තිබුණ මගේ රට- ශ්‍රී ලංකාව මාස 20ක් තරම් කෙටි කාලයකින් අගාදියට ඇද දමා නොදියුණු ඇමෙරිකානු-බටහිර කොලනියක්බවට පත්කර තියෙන්නේ.
ඇයි එහෙනම් යහපාලන ආණ්ඩුවට මෙතරම් හිතවත් අමෙරිකාව ලංකාවට විරුද්ධ යෝජනාව අස්කර ගන්නේ නැතිව ලංකාවේ හය්බ්රිඩ් උසාවියක් පිහිටවලා අපේ රණවිරුවන් යුද අපරාධකරුවන් හැටියට සලකලා යුද අපරාධ උසාවියට ඉදිරිපත් කරන්න හදන්නේ ?
මෙවුන්ට තාමත් තේරෙන්නේ නැ අමෙරිකාවත් බටහිර රටවලුත් මෙවුන්ගේ යහපාලන ආණ්ඩුව මෝඩ රැලකගේ ආණ්ඩුවක් හැටියටසලකන්නේ කියලා.

යහපාලනය බලයට ආවේ කොහොමද ? බටහිරටත් ඉන්දියාවටත් ඕනෑකම තිබුණා බටහිර දේශපාලන නායකයන්ට හිස නොමවන ලංකාවේ “රාජපක්ස රෙජිමය” පලවාහැරලා බටහිරට හිස නමන රනිල්-චන්ද්‍රිකා-මංගල බටහිර ගැතියන් ආන්ඩුබලයට පත්කරන්න.
විදේශීය බලවේගයන් ලංකාවට බලපෑම් කරනවායයි 2015 ජනාධිපති තෙරිමේ චන්දයට පෙර කීවාම හුඟදෙනෙක් කීවේ “ බිල්ලෝ මවනවා” කියලා. දැන් මිනිස්සුන්ට තේරෙනවා ඇති එදා මැවුවේ “බිල්ලෝ” නොවෙයි කියල.

කෙසේවෙතත් මේ බටහිර ගැත්තෝ එක්වෙලා යුඇන්පී එකයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසකුයි, ජෙවීපී කාරයොයි, මුස්ලිම් කොන්ග්රසයයි, ටිඇනේඒ එකයි, ජේ එච් යු එකයි, මනෝ ගනේෂනුයි ගිවිසුම් අත්සන්කරගෙන දේසපාලන සන්ධානයක් පිහිටුවාගත්තා. සන්ධානය එකමුතුකරලා ජනාධිපති ඉල්ලුම්කරු හැටියට මෙ සන්ධානයේ නායක චන්ද්‍රිකා-රනිල් යුවලට හිස නමන්න සුදානම් යයි හිතපු මෛත්‍රිපාල සිරිසේන බා ගත්තා.

ඒ කරලා 2015 ජනවාරි 8 වන දා ඉඳලා කලේ ප්‍රජාතන්ත්‍රවාදයට පස්සහරවලා ඉන්න අගමැති ගණනකට ගන්නේ නැතිව යුඇන්පී නායක රනිල් වික්රමසින්හ අගමැතිකරලා සහභාග ආන්ඩුවක් කියලා එකක් පිහිටවාගෙන යහපාලන සන්ධානයේ ගිවිසුම අනුව තමන්ගේ අයෙක්ම විරුද්ධ පක්ෂයේ නායකකමට පත්කරලා තමන්ගේ කෙනෙක්ම කතානායක කරවලා පාර්ලිමේන්තුව අගමැති රනිල් ගේ කෝලම් මඩුවක් කරගෙන තියෙන්නේ. රවී කරුණානායක මුදල් වංචාවක් පිලිබඳ නඩුවක් උසාවියේ තියෙද්දී මුදල් අමාත්‍යය හැටියට පත්කළා මොන රටකද මෙහෙමදෙයක් සිදුවෙන්නේ ?

සාමාන්‍යයෙන් විරුද්ධපක්ෂයේ නායක දියයුත්තේ ,පාර්ලිමේන්තුවෙ වැඩි මන්ත්‍රීසන්ක්‍යාවක් සිටින පක්ෂයකට හෝ සන්ධානයකට . නමුත් පාර්ලිමේන්තුවේ සභා නායක වරයා, මන්ත්‍රීවරු 51 ඉන්න විපක්ෂ සන්ධානය පිළිගන්නේ නැතිව මන්ත්‍රීවරු 16 දෙනෙක් සිටින ටිඑන්ඒ එකට විපක්ෂය නායකකම දුන්නා. මෙන්න මේ ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී ආක්ඥාදායක යුඇන්පී ආණ්ඩුවක් යහපාලන ආණ්ඩුවක් කියන නමකින් පවත්වාගනයන හැටි. ඇත්තෙන්ම මේ ව්‍යාජ පාර්ලිමේන්තුවෙ ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂයක් නැ.

මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නායකත්වය තියෙන ටීඑන්ඒ ද්‍රවිඩ පක්ෂය ත්‍රස්තවාදී ප්‍රභාකරන් විසින් පිහිටෙව් පක්ෂයක්. මේ ආණ්ඩුවේ ජාතික සංහිදියාව පිලිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් ත්‍රස්තවාදී කාලයේ ප්‍රභාකරන්ට පක්ෂපාත කෙනෙක්.

රටේ දියුණුවට මෙතෙක් කිසිවක් නොකර ඇති මේ යහපාලන කියා ගන්නආණ්ඩුවෙ අගමැති රනිල් වික්රමසිංහ ඔහුගේම එෆ්සී අයිඩිපොලිසිය පවත්වාගෙනයයි, ඔහුගේ මිතුරියකගේ භාරකාරත්වයෙන් දුෂණ හා අල්ලස් කොමිසම පවත්වාගෙනයයි. මේ පොලිසියෙන් අල්ලාගෙන යන්නෙත්, අල්ලස් කොමිසමට යවන්නෙත් හිටපු ජනාධිපති තුමන්ගේ පවූලේ උදවිය හා ඔහුට සම්බන්ධ අයයි.

ඔවුන් පොලිසියෙන් හිරභාරයට ගන්න ඔවුන්ට විරුද්ධ නොයෙක් මාදිලියේ පැමිණිලි මවාගනියි. සිල් රෙදි බෙදාදීම, යකඩ බට බෙදාදීම, වාහන නුසුදුසුලෙස භාවිතා කිරීම, කළුසල්ලි සුදු කිරීම මෙයින් සමහරක්. තවත් මැරිච්ච මිනිසුන්ගේ මිනීවළවල් හාරහාරා මිනී ගොඩගෙන බලනවා ඔවුන්ගේ මරණ සිදුකර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස මහතාගේ පුතුන් හෝ ගොටභය රාජපක්ෂයයි ඔප්පුකරන්න.

යහපාලන පොලිසිය කරන ඇඟ කිලිපොලවන තවත්දෙයක් තමයි එක්නැලිගොඩ කියල කෙනෙකුගේ මරණය සිදුකලබවට සැකකර හමුදාවේ සෙබළුන් අල්ලාගෙන ප්‍රශ්නකිරිම. පුදුමය මේ මනුස්සයා ඇත්තටම මැරිලද ජීවත්වෙනවදවත් දන්නේ නැතිකමත්, එහෙම කෙනෙකුගේ මලකඳක්වත් හොයාගෙන නැතිකම. මේවා කවුරුපිනවන්න මොනවා බලාපොරෝතුවෙන් කරනවද ?

සිරිසේනටයි රනිල්ටයි උවමනා ත්‍රස්තවාදය අවසන්කරන්ට දිවිනොතකා මහත් කාර්යයක් ඉටුකළ අපේ සත් ගුණවත් ගොටාභය රාජපක්ස මැතිතුමා කොහොමහරි මොනවිධියේ හරි වරදකට අහුකරලා හිරගෙටයවන්න. මොවුන් මහත් උත්සාහයක් දැරුවා හිටපු ජනාධිපති තුමත් මහත් මුදල් සංහාරයක් හොරකම්කලායයි ඔප්පුකරලා හිරගෙදර යවන්න. නමුත් මේ භූතයන් දෙදෙනාට ඒක කරගන්න අපහසු උනා.
මේ හිටපු ජනාධිපති තුමා ට නින්දා අපහාස කිරීමට මවාපෙන්නන්ට හදන වංචා දුෂණ කෙසේවෙතත් යහපාලනයේ අගමැති රනිල් වික්‍රමසිංහගේ අමාත්යන්සේ කරතිබෙන රටට බිලියනගණන් පාඩු ඇතිකර රට බංකලොත් කරන තැනට ගෙනියන හොරකම් ගැන මෙතෙක් හොයා බැලීමක් නොකරන්නේ මන්දැයි ජනතාව ප්‍රශ්නකරයි. ලංකාවේ මහා බැංකුවේ ආණ්ඩුකාර කමට පත්කළ අගමැති රනිල් වික්රමසින්හගේ ඉතාමත් කිට්ටුමිතුරෙකු වන අර්ජුන මහේන්ද්‍රන් කියන තැනැත්තා එම ධුරයට පත්කර සුමානගනනකින් රුපියල් බිලියන 1.6 ක ප්‍රමාණයක චාවකට සම්බන්ධ වී ඇතිබව වාර්තාඋනා.

මේ මහදවල් කල හොරකමෙන් උපයාගත් මුදලින් කොටසක් යුඇන්පී යට ගිහින් තිබෙනවාට අනුමානයක් නැ කියලා රාජිවා විජේසිංහ මහතා 2016 ජුලයි 5වනදා tv1 නිව්ස්ලයින් හීදී සඳහන්කලා. මේකේ සත්‍යය තේරෙනවා සිරිසේන ජනාධිපති තුමා අගමැති රනිල් වික්‍රමසිංහට අර්ජුන මහේන්ද්‍රන් බැංකුවේ ආණ්ඩුකාර ධුරයෙන් ඉවත්කරන්න කිවාම ඔහු වරදක් කරනැතයි කීවා. දෙවනුව ජනාධිපති සිරිසේන අලුත් බැංකු ආණ්ඩුකාරවරයෙක් තොරාගත්තාම අගමැති රනිල් මහේන්ද්‍රන් අස්කරනවාවෙනුවට ඔහුව අග්‍රාමාත්‍යවරයාගේ උපදේසක හැටියට බඳවාගත්තා.

නාමල් රාජපක්ස, යෝෂිත රාජපක්ස, බැසිල් රාජපක්ස බොරු චෝදනා හදලා හිරගත කරනවා. නමුත් රුපියල් බිලියන ගානක් හොරකම්කල අර්ජුන මහේන්ද්‍ර මහා හොරා හිරබාරයට ගන්නාවෙනුවට බැංකුවෙන් අහක්කරලා උසස් පදවියකට පත්කලා.මේ පහුගිය සතියේ පර්පෙචුවල් ට්‍රේශරීස් පුද්ගලික ආයතනය හීමී අර්ජුන මහේන්ද්‍රගේ බෑනා පසුගියකාලයතුල රුපියල් බිලියන 11ක වංචාවක් නැවතත් කර ඇති බව බැංකුවෙන් පිටවුණ වාරතාවක සඳහන්වෙනවා.

පුදුමය මේ හොරකම සම්බන්ධව හොයනවා චෙනුවට හොයන්ට යන්නේ මේ වාර්තාව බැංකුවෙන් පිට උනේ කොහොමද කියලාලු. ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහා ලොකුවට කතා කරන යහපාලන කාරයෝ ප්‍රජාතන්ත්‍රවාදයට අල්පමාත්‍ර ගෞරවයක් තිබෙනවානම් මහ බැංකුවේ වගකීම භාර අමාත්‍යයවරයා වූ අගමැති වරයා වහාම ඉල්ලා අස්වියයුතුයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විශ්වාසකරන්න අපහසුයි. එයා කියනදේ යහපාලන ආණ්ඩුවේ කිසිකෙනෙක් අහන්නේ නැතිබවයි පෙනේනේ. බොහෝ දෙවල් ඔහු දැනගන්නේ පත්තරේ කියවලා.

ලඟදි මහා හය්යෙන් කතාවක් කරලකීවා එෆ්සීඅයිඩි එකයි, සිඅයිඩි එකයි දේසපාලන පළිගැනීම් සඳහා යොදාගන්නවායයි වක්‍රව අගමැති රනිල් චික්රමසින්හට චෝදනාකලා නමුත් මේක මහජනතාව මුලාකරන්න රනිල් එක්ක කතාකරගෙන කරපු කතාවක්. මෙහෙම චෝදනාවක් කරන්නතරම් පිටකොන්දක් අපේ ජනාධිපති තුමාට නැ.
මෙඅතරතුර අලුත් ව්‍යවස්ථාවක් ලියන්න යහපාලන ආණ්ඩුව මහා උනන්දුවකින සැරසෙනවා. ව්‍යවස්ථාවක් ලිවීම පිලිබඳ වගකීම භාරව සිටින ලාල් විජේනායක කියන වා ව්‍යවස්ථාව පිලිබඳව මහජනවිචාරනයක් අවශ්‍ය නැ තුනෙන්දෙකක චන්දයකින් පරලිමේන්තුවෙන්ම සම්මතකරගන්න පුළුවන් කියලා. මේක මහා භයානකයි , මහජනවිචාරයක් අවශ්‍යමයි.

සැරෙන් සැරේට ඇතිවෙන ආණ්ඩු වෙනස්වීමත් සමග අලුත් ව්‍යවස්ථා ලිවීම මහා විහිළුවක්. දැන් තියෙන ව්‍යවස්ථාවම සන්සෝධන මගින් වෙනස්කරමින් පවත්වාගෙනයාම වඩාත් හොඳයි. එ වෙනුවට අද තිබෙන දේසපාලන වාතාවරණය තුල අලුතින් ෆෙඩරල් වාදයට ඉඩදෙන ව්‍යවස්ථාවක් ලිවීමට බලකරන පසුබිමක අලුත් ව්‍යවස්ථාවක් ලිවීම වහා නතරකල යුතුය . මෙම ප්‍රයත්නයට විරුද්ධව මහජනයා නැගී සිටිය යුතුය.

-චාර්ල්ස්. එස්. පෙරේරා



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

කාලීන 1834720059027919276

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item