අයවැය 2017 මෙන්න

4.55 PM පැරණි වාහන අපනයනයේදී බදු සහන ලබා දීමට පියවර 4.53PM ස්වංයක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් මුදල් ගැනීමේ දී අය කරන මුදල රුපියල් 10 දක්...

4.55 PM පැරණි වාහන අපනයනයේදී බදු සහන ලබා දීමට පියවර

4.53PM ස්වංයක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් මුදල් ගැනීමේ දී අය කරන මුදල රුපියල් 10 දක්වා වැඩි කිරීමට පියවර

4.52 PM විද්‍යුත් මෝටර් රථ බදු අඩු කෙරේ

4.50PM මුංඇට රුපියල් 15කින්/පරිප්පු රුපියිල් 10කින්/අර්තාපල් රුපියල් 5කින්/හාල්මැස්සන් රුපියල් 5කින් සුදුසීනි රුපියල් 2කින්/ගෘහස්ථ ගෑස් ිසිලින්ඩරයක් රුපියල් 25කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 5කින් අඩු කෙරේ
4:49 PM ග්‍රාමසේවක ඇතුළු රජයේ නිලධාරින්ගේ සේවා එකම තැනකින් ලබා ගැනීම සඳහා සේවා පියස් 1000ක් ඉදිකිරිමට රුපියල් මිලියන 1500 වෙන් කෙරේ
4:43 PM ආගමික දියුණුව සඳහා රුපියල් මිලියන 25ක්
4:42 PM විදේශීය ශ්‍රමිකයන්ගේ අවම වේතනය ඇමරිකානු ඩොලර් 300ක් කිරීමට පියවර
4:40 PM පිරිවෙන් අධ්‍යාපනය ලබන්නන් වෙනුවෙන් මාසිකව රුපියල් 2500 ක දීමනාවක් ලබාදීමට පියවර
4:39 PM අමරදේව නමින් ආශ්‍රමයකට රුපියල් මිලියන 25ක්
4:38 PM ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇතුළු මාධ්‍යවේදීන්ට උපකරණ ලබාගැනීමට ණය පහසුකම්
4:37 PM ජාත්‍යන්තර වෙසක් උත්සවයට රුපියල් මිලියන 250ක් වෙන්කරනවා
4:37 PM පැරනි චිත්‍රපට සංරක්ෂණයට රුපියල් මිලියන 50ක්
4:36 PM ජාතික යොවුන් සේනාංකයට රුපියල් මිලියන 4000ක් වෙන් කිරීමට යොජනා
4:35 PM සේවක අර්ථ සාධක හා සේවක භාර කාර අරමුදල නියාමනය කිරීමට පියවර
4:34 PM රණවිරු දීමනා ගෙවීම සඳහා රුපියල් මිලියන 3500ක්
4:29 PM අවුරුදු 15 ට වඩා රජයේ නිවාසවල පදිංචි කරුවන්ට නිවාස අයිතිය ලබාදීමට පියවර ගන්නවා.
4:27 PM මහල් නිවාස මිලදී ගන්නා විදේශිකයන්ට 40%ක මුදලක් දේශීය බැංකුවලින් ලබාගැනීමට ඉඩ ලබාදීමට පියවර ගන්නවා
4:25 PM ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා නිවාස බැංකුව එක්වී 7%ක නිවාස ණය ලබාදීම සඳහා රුපියල් කෝටි 37000ක් වෙන්කිරීමට පියවර
4:24 PM අවම මිලට විදුලිය
4:24 PM අඩු හා මැදි ආදායම් ලබන්නන් වෙනුවෙන් නිවාස ලක්ෂ 5ක් ඉදිකිරීමට පියවර
4:22 PM වැවිලි ශේෂ්ත්‍රය සඳහා නිවාස 25000ක්
4:20 PM මූල්‍ය පාරිභෝගියන් ආරක්ෂා කිරිම සඳහා අධිකාරියක්
4:20 PM මූල්‍ය වත්කම් කළමනාකරණය සඳහා ආයතනයක් පිහිටුවීමට පියවර
4:16 PM පානිය ජල ව්‍යාපෘති සඳහා මිලියන 300ක් වෙන් කරනවා
4:15 PM ත්‍රි රෝද රථ වෙනුවට විද්‍යුත් කාර් ගෙන්වීමට දිරිගන්වන අතර. ඒ වෙනුවෙන් වාහන 1000ක් ආනයන කිරීම සඳහා 50%ක පොලී සහනයක් ලබාදෙනවා.
4:12 PM සංචාරකයන්ට E – Visa ක්‍රමයක් හඳුන්වා දෙනවා
4:12 PM 2017 මාර්තු වලට පෙර අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක්
4:11 PM ත්‍රී රෝද රථකරුවන් හා පාසල් වෑන්රථකරුවන් නියාමනයට
4:11 PM Agoda.com, Booking.com තුලින් කාමර වෙන්කරවා ගැනීම වෙනුවට ඒ සඳහා පොදු වෙන්කිරීමේ පද්ධතියක් හඳුන්වා දෙනවා
4:10 PM ඉදි කිරීම් කර්මාන්තයේදී පැවැති සියයට 25ක සෙස් බදු ඉවතට
4:09 PM විද්‍යාව හා තාක්ෂණවේදය දියුණු කිරීම සඳහා මිලියන 1306 ක් වෙන් කරනවා
4:07 PM දක්ෂිණ අධිවේගී මාර්ගය බදුල්ල දක්වා දිගු කිරීමට යෝජනා කරනවා
4:02 PM ශ්‍රී ලංකාව ආසියාවේ සාගර කේන්ද්‍රස්ථානයක් කිරීමට බලාපොරොත්තු වෙනවා
4:00 PM රජයේ ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමට මිලියන 100 ක් වෙන් කරනවා
3:57 PM අපනයන කර්මාන්තපුර 15ක් ඇරඹීමට පියවර
3:57 PM ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයක් ලබන වසරේ කොළඹදී පවත්වනවා.එයට වෙන්කළ මුදල මිලියන 50 යි
3:55 PM මෙගාපොලිස් සඳහා මිලියන 7500 ක්
3:55 PM ශ්‍රී ලංකා නාමය ප්‍රවර්ධනය සඳහා රුපියල් මිලියන 100ක්
3:50 PM අධිතාක්ෂණික යන්ත්‍රෝපකරණ ව්‍යාපාර සඳහා ආනයනයේදී 75%ක බදු නිදහසක්
3:47 PM සේවකයන් 250ට වැඩි විදේශ ආයෝජන සඳහා වසර 3 – 5 දක්වා බදු නිදහස් කාලසීමාවක්
3:46 PM ජාත්‍යන්තර ආයෝජනකයන්ට වසර පහක සහන වීසා
3:45 PM රෙදිපිලි හා අත්කම් කර්මාන්තය පණ ගැන්වීමට මිලියන 500ක්
3:42 PM ලුණු ආනයනය අවම කිරීමට ලුණු කර්මාන්තය ප්‍රවර්ධනයට පියවර
3:40 PM පෞද්ගලික බස් රථ රාත්‍රී 11.00 දක්වා ධාවනයට එකඟතාවයක්..යට සමගාමිව පෞද්ගලික වෙළඳ සැල් ද රාති 11 දක්වා විවෘතව තැබීමට ඉල්ලීමක්
3:39 PM සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ණය ක්‍රමයක් වෙනුවෙන් රුපියල් මිලියන 500ක්
3:35 PM ජාතික ව්‍යාපාර පදනමක් ආරම්භ කිරිමට රුපියල් මිලියන 50ක්.
3:34 PM ණය තොරතුරු කාර්යාංශයේ අසාදු ගත වන සීමාව රුපියල් ලක්ෂ 5 දක්වා ඉහළට
3:33 PM ලියාපදිංචි නොකළ ඖෂධ හල් වැටලීමට පියවර
3:32 PM ලියාපදිංචි නොකළ ඖෂධ හල් පවත්වාගෙන යන්නන් අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂයක දඩ
3:31 PM ජාතික විද්‍යා පදනමට රුපියල් මිලියන 100ක්
3:31 PM සෑම ව්‍යාපාරයක්ම ලියාපදිංචි කිරීම අනිවාර්ය කරනවා
3:30 PM කරාපිටිය, අම්පාර, යාපනය රෝහල් වලට විශේෂ ළමා රෝහල් ඒකකයක් ඉදි කිරීම සඳහා මිලියන 1000 ක්
3:28 PM රෝහල් තුළ යටිතල පහසුකම් වර්ධනය සඳහා රුපියල් මිලියන 25000ක්
3:26 PM හෙද පුහුණු විද්‍යාල වැඩි දියුණු කිරීම සඳහා මිලියන 200ක්
3:24 PM වෘත්තීය අධ්‍යාපනයට අදාළ ප්‍රමිත සකස් කිරිමට රුපියල් මිලියන 300ක්
3:22 PM විශ්වවිද්‍යාල සිසුන්ගේ ක්‍රීඩා කටයුතු සඳහා රුපියල් මිලියන 100ක් වෙන්කරනවා.
3:21 PM අධ්‍යාපන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය ශිෂ්‍යන්ට වීසා සහන
3:20 PM විශ්ව විද්‍යාල වරම් අහිමි වන සිසුන් 15000කට උසස් අධයාපනයට රුපියල් ලක්ෂ 8 බැගින් ණය මුදලක් ලබාදීමට මිලියන 300ක්
3:18 PM ඉහළ දක්ෂතා දක්වන සරසවි සිසුන්ට විදේශ විශ්වවිද්‍යාලවල ආචාර්ය උපාධි ලබාගැනීම සඳහා රුපියල් මිලියන 500
3:17 PM පෞද්ගලික විශ්ව විද්‍යාල වලට රට තුළට පැමිණීමට පහසුකම්
3:16 PM සංඛ්‍යානය හා තොරතුරු තාක්ෂණ විෂයන් හඳුන්වා දීම වෙනුවෙන් රුපියල් මිලියන 13000ක්
3:15 PM විශ්ව විද්‍යාල වල අධ්‍යාපන කටයුතු රාත්‍රී 8 දක්වා පවත්වන ලෙස ඉල්ලීමක්
3:15 PM කරාපිටිය වෛද්‍ය පීඨයට මහල් 10ක නව ගොඩනැගිල්ලක්
3:14 PM රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨයේ බඳවා ගන්න සිසුන් සංඛ්‍යාව 160 සිට 300 දක්වා ඉහලට
3:13 PM ප්‍රධාන විශ්ව විද්‍යාල 5ක ලබන වසරේ සිට අධ්‍යාපනවේදී උපාධිය හැදෑරීමට අවස්ථාව
3:12 PM උසස්පෙළට හා සාමාන්‍ය පෙළට නව විෂයන් හඳුන්වා දෙනවා
3:11 PM 2020දී විශ්ව විද්‍යාල අධ්‍යාපනයට අලුතින් 50000කට අවස්ථාව
3:09 PM සෑම දරුවෙකුටම ඉතිරි කිරීමේ ගිණුමක් රජයෙන්
3:09 PM පාසල් දරුවන්ට 2017 ජනවාරි 8 දා ගිණුම් ඇරඹීමට සියළුම ඉතිරි කිරීමේ සහ වාණිජ්‍ය බැංකු එකඟ වී තිබෙනවා
3:09 PM අවුරුදු 5 සිට 19 දක්වා සෑම පාසල් දරුවෙකුටම ලක්ෂ දෙකක රක්ෂනාවරනයක්
3:08 PM විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට අවශ්‍ය තාක්ෂණික උපකරන අධ්‍යාපන අමාත්‍යංශය හරහා ලබාදෙනවා
3:07 PM සාමන්‍ය පෙළ හා උසස් පෙළ විෂය ධාරාවන්ට “සත්කාරක සේවා, “Digital සන්නිවේදනය”, Logistic Management වැනි නව විෂයන් එක් කරනවා
3:07 PM පෞද්ගලික හා අන්තර්ජාතික පාසල් රජයේ දැඩි නියාමනයට
3:05 PM පාසැල් 3500ක තොරතුරු තාක්ෂණ පහසුකම් වර්ධනය කරනවා
3:04 PM උසස් පෙළ ගුරුවරුන්ට 28000 ට ටැබි පරිගණක
3:04 PM පාසල් යටිතල පහසුකම් වර්ධනය සඳහා රුපියල් මිලියන 5000ක්
3:04 PM අධ්‍යාපනය ඉහළ නැංවීමට රුපියල් මිලියන 17,840ක අතිරේක ප්‍රතිපාදන
3:02 PM අධ්‍යාපනයට මිලියන 90000ක ප්‍රතිපාදන වෙන්කරනවා…
3:02 PM බහුකාර්ය වාරි ව්‍යාපෘති කඩිනම් අවසන් කිරීම සඳහා මිලියන 1000ක්
2:59 PM මල් පැල තවාන් ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ 5ක ණය දෙනවා.ඒ සඳහා 50%ක පොලී නිදහසක්ද ලබා දෙනවා
2:55 PM කුකුළු මස් කිලෝව රුපියල් 420ට දෙන්න බැරිනම් ආනයනය කරනවා
2:53 PM කුකුළු ආහාර සඳහා බඩඉරිගු සෙස් බද්ද ඉවත් කරනවා
2:51 PM ඒකාබද්ධ මිරිදිය ගම්මාන 100ක් ඇතිකිරීම සඳහා මිලියන 300ක්
2:50 PM දේශීය කිරි ගොවි කලාප ඉදි කිරීමට පියවර
2:49 PM දේශිය කිරි නිෂ්පාදන ප්‍ර‍වර්ධනයට රුපියල් මිලියන 200ක්
2:47 PM දේශීය කිරි කර්මාන්තයට උසස් තත්වයේ කිරි ගවයින් 15000ක් ආනයනය කරනවා
2:46 PM සීනි අවශ්‍යතාවයෙන් 50% දේශීයව නිපදවීමට පියවර
2:45 PM රබර් කර්මාන්තය නගා සිටුවීම සඳහා රුපියල් මිලියන 900ක්
2:45 PM තේ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා අගය එකතු කළ තේ නිෂ්පාදනයට පියවර
2:43 PM පොල් සඳහා නව පර්යේෂණ මධ්‍යස්ථානයක්
2:41 PM දේශීය සුළු පරිමාණ තේ අපනයනකරුවන්ට බදු සහන
2:39 PM වැවිලි කර්මාන්තය…
2:39 PM වයඹ විශ්ව විද්‍යාලය තුල කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානයක්
2:39 PM වානිජ ගොවිතැන සඳහා රජයේ ඉඩම් අක්කර 20000ක්
2:38 PM පළතුරු හා එළවලු ණය වෙනුවෙන් 50%ක පොලී සහනාධාරයක්.
2:38 PM කෘෂි උපකරණ සඳහා ආනයනික බදු ඉවතට
2:35 PM අල ලූණු බඩ ඉරිඟු සොයා වලින් රට ස්වයංපෝෂිත කරනවා
2:34 PM යැපුම් කෘෂි කර්මාන්තය මහා පරිමාණ කෘෂි කර්මාන්තය දක්වා දියුණු කරනවා
2:27 PM අයවැය සකස් කිරීමේදී මහජන අදහස් විමසමින් නැවුම් මුහුණවරකින් කටයුතු කළා
2:26 PM රජයේ ණය නිසා දරුවන් මත ඇතිවී තිබෙන පීඩාකාරී බව නැති කිරීමට කැපවෙනවා
2:25 PM ව්‍යාපාර පවත්වාගෙන යාම තහවුරු කිරිම සඳහා ආයෝජන හිතකර පරිසරයක් ඇති කරනවා
2:19 PM ‘සැමට ප්‍රතිලාභ ලැබෙන වේගවත් ආර්ථික වර්ධනයක්’ මෙවර අයවැයේ තේමාවයි
2:04 PM 2017 අය වැය කියවීම අරඹයි

NethFM



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4981357776125120934

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item