හිටපු එස්.ටී.එෆ් අණදෙන නිලධාරියා 7තෙක් රිමාන්ඩ්

රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්යය බලකායේ හිටපු අණදෙන නිලධාරී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පත...

රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්යය බලකායේ හිටපු අණදෙන නිලධාරී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කේ.එම්.එල් සරත්චන්ද්‍ර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් සරත්චන්ද්‍ර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බව  සඳහන් වේ..

එහිදි පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දන්වා ඇත්තේ පොලිස් විශේෂ කාර්යය බලකායට අයත් වාහනයක් අව භාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු පිළිබඳ පරීක්ෂණ කටයුතු අවසන් කර නොමැති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ. 

කරුණු සැලකිල්ලට ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය විසින් හිටපු නියෝජ්‍ය පොලිස්පති කේ.එම්.එල් සරත්චන්ද්‍ර මහතා ලබන මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලද බව වාර්තාවේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3981434331547773317

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item