ඉන්දියාව පෝෂණය කරන්න හදපු අයවැයක් - කථිකාචාර්ය අජිත් දිසානායක

2017 වසර සඳහා වන අයවැය ඉන්දියාව පෝෂණය කරන අයවැයක් මිස දේශීය නිෂ්පාදන ආර්ථිකය නැංවීම ඉලක්ක කරගනිමින් සැකසුවක් නොවන බව අද (11) නෙළුම් මාවතේ...

2017 වසර සඳහා වන අයවැය ඉන්දියාව පෝෂණය කරන අයවැයක් මිස දේශීය නිෂ්පාදන ආර්ථිකය නැංවීම ඉලක්ක කරගනිමින් සැකසුවක් නොවන බව අද (11) නෙළුම් මාවතේ වෘත්තියවේදීන් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවේදී කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය අජිත් දිසානායක පැවසීය.

මෙවර මිල අඩුකර ඇති පරිභෝජන භාණ්ඩ ඉන්දියාවෙන් ආනයනය කරන ඒවා වීම විශේෂත්වයක් බව අජිත් දිසානායක මහතා පෙන්වාදෙයි.දේශීය නිෂ්පාදකයා ආරක්ෂා වන්නේ නැත්නම් දේශීය නිෂ්පාදකයා මත බදු බර පටවා අධෛර්යමත් කරන්නේ නම් එවැනි අයවැයකින් සෙතක් නොමැති බවයි හෙතෙම ප්‍රකාශ කළේ.

වත්මන් ආණ්ඩුව මීට පෙර ඉදිරිපත් කළ අයවැය වාර්තා දෙකෙන්ම අසමත් වූ නිසා මෙවර අයවැය ද හුදු කඩදාසියක් පමණක් යැයි දිසානායක මහතා අවධාරණය කළේය.සාර්ථක අයවැයක් සඳහා ප්‍රධාන කාරණා හතරක් බලපාන අතර ඒවා නිසිලෙස කළමනාකරණය කරගන්නේ නම් පමණක් ජනතාවටත් රටටත් යහපතක් වනු ඇතැයි ඔහු පැවසීය. ඒ අනුව විභව හැකියාවන් ඇති දේශීය සම්පත් නිවැරදිව කළමනාකරණය කර නිෂ්පාදනයට දායක කර ගැනීම,ආර්ථික ස්ථායිතාව ආරක්ෂා කර ගැනීම,සාධාරණත්වය හා සමානාත්මතාවය, යන කිසිදු අවශ්‍යතාවක් මෙම අයවැයෙන් සපුරා නැතිබව අජිත් දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4038040289951017681

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item