රටම විකුණන සැලසුම
යහපාලන ආණ්ඩුව රජයේ ආදායම වැඩිකර ගැනීමට අසාමාන්‍ය ලෙස ජනතාව මත බදු පනවා ඇති බවත් අයවැය තුලනය කර ගැනීමට රාජ්‍ය දේපල විකිනීමට සැලසුම් කර ඇති බ...

https://www.sathhanda.com/2016/11/blog-post_957.html
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, "අපි හිතනවා ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ වැඩියෙන් මුදල් අච්චු ගහයි කියලා. මොකද අයවැය තුලනය කරගන්න. නමුත් රජය අපේක්ෂා කරන්නේ අයවැය තුලනය කර ගැනීම සඳහා රාජ්‍ය දේපල එකින් එක විකිණීමට. දැනට ලැයිස්තුවක් ඉදිරිපත් කරලා තියෙනවා. ආකාශ, වනභූමි, තටාක, ගංගා, මහාසමුද්‍ර මේ සියල්ල විකුණන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ" යනුවෙන් කියාසිටියේය.
මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මෙවර අයවැය ලේඛණය විශ්වාස කළ නොහැකි එකක් බවත් ඒ අනුව මෙය යහපාලන ආණ්ඩුවේ අවසාන අයවැය ලේඛණය වියහැකි බවත් ය.
Related