බැඳුම්කර සල්ලි සිංගප්පූරුවට යවනවා

බැඳුම්කර ගනුදෙනුවෙන් උපයා ගත් මුදල් පර්පචුවල් සාමගම විසින් සිංගප්පූරුවට යැවීමට පියවර ගෙන ඇතැයි වාර්තා වූ බව හිටපු අමාත්‍ය මහචාර්ය ජී.එල් ...

බැඳුම්කර ගනුදෙනුවෙන් උපයා ගත් මුදල් පර්පචුවල් සාමගම විසින් සිංගප්පූරුවට යැවීමට පියවර ගෙන ඇතැයි වාර්තා වූ බව හිටපු අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් පවසයි.

අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

තවද එම සමාගම විසින් උපයාගත් මුදල්වලින් කොළඹ වටිනා ඉඩම් මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයිද ඒ මහතා පැවසුවේය.

එසේ වුවහොත් රජයට එම මුදල් යළි ලබා ගැනීමට නොහැකි වන බවත්, මේ නිසා එම ආයතනයේ බලපත්‍රය තාවකාලිකව අවලංගු කළ යුතු බවද ඒ මහතා පෙන්වාදුන්නේය.

තවද මෙම මූල්‍ය අක්‍රමිකතාවය ගැන සම්පූර්ණ තොරතුරු සිංගප්පූරුවේ මූල්‍ය අධිකරණයට යැවීමට රජය පියවර ගත යුතු බව ද හිටපු අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

එම මාධ්‍ය හමුව ඇමතු පා.ම බන්දුල ගුණවර්ධන කියා සිටියේ බැඳුම්කර ගනුදෙනුව නිසා 2015දී රජයේ ණය බර රුපියල් බිලියන 285කින් වැඩි වී ඇති බවයි.

එම මුදල වූ කලී වැට්බදු වැඩි කර ජනතාවගෙන් අය කර ගැනීමට බලාපොරොත්තු වන මුදලටත් වැඩිබව ඔහු පෙන්වාදුන්නේය.

‍එසේම මෙම මූල්‍ය වංචාව නිසා විදේශයන් හි සිට මෙරටට ගෙන්වන භාණ්ඩවල මිලද වැඩි වී ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

තවද මෙම මූල්‍ය අක්‍රමිතාවය වසා ගැනීමට ප්‍රවෘත්ති පත්‍රයක් හා රූපවාහිනි නාලිකාවක් ආරම්භ කිරීමට අදාළ සමාගම විසින් දැනටමත් මුදල් ආයෝජනය කර ඇති බව මාධ්‍ය ලෝකයේ අයට රහසක් නොවන බවද ඔහු පැවසීය.

මේ අතර චීනයෙන් පොලියට ණය ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා හා මෙරට මුදල් අමාත්‍යවරයා අතර පසුගියදා ඇති වූ සංවාදය ගැන අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන පැවසුවේ ‍පොළේ එළවළු වෙළෙන්දන් දෙන්නෙක් රණ්ඩුවන ආකාරයට හැසිරීම සුදුසු නැති බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4122068198169328484

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item