යහපාලන පරිපාලන - රූපවාහිනිය දැඩි මුල්‍ය අර්බුදයක!

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව දැඩි මුල්‍ය අර්බුදයකට පත්ව ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කරයි. කාර්යමණ්ඩලයේ මාසික වේතනය හෝ නිසි වෙලාවට...

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව දැඩි මුල්‍ය අර්බුදයකට පත්ව ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කරයි. කාර්යමණ්ඩලයේ මාසික වේතනය හෝ නිසි වෙලාවට ලබාදීමට නොහැකි තත්ත්වයකට රූපවාහිනී සංස්ථාව පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

දෙසැම්බර් මාසයේදී සේවකයන්ට හිමි බෝනස් මුදලත් ජනවාරි මාසයේ වැටුපට අමතරව ලබාදිය යුතුව ඇති වෛද්‍ය පරීක්ෂණ දීමනාවද ලබාදීම මේ වන විට විශාල ගැටලුවක්ව ඇතිබව සඳහන්.

වත්මන් ආණ්ඩු හිතවාදී සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් සිටියද ඔවුන්ගේ අකාර්යක්ෂම හා අවිධිමත් පරිපාලනය හේතුවෙන් රූපවාහිනිය මෙලෙස ඇදවැටෙමින් පවතින බව එහි සේවකයන්ගේ අදහස වෙයි.ආණ්ඩුව සහ සේවකයන් නොමග යවමින් ගෙන යන පරිපාලනයට අභ්‍යන්තර විරෝධයක් එල්ල වුවද මෙතෙක් එම ක්‍රියාවලියේ වෙනසක් සිදුනොවීම සේවකයන්ගේ අප්‍රසාදයට ලක්ව තිබේ.

ඇතිවී තිබෙන මුල්‍ය බිදවැටීම පිලිබඳ ජනාධිපතිවරයා,අගමැතිවරයා,විෂයභාර ඇමතිවරයා හා ලේකම්වරයා ඇතුළු බලධාරීන් සමඟ සාකච්ජා පවත්වා ඇතත් ඊට විසදුම් ලැබී නැත.

කෙසේ වෙතත් රුපවාහිනිය බිඳ වැටීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ද වගකිවයුතු බව සේවකයන් චෝදනා කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8864902456361046319

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item