'අර්ජුන්, අගමැති කාර්යාලයෙන් නෙරපන්න' - ඩිව්

බැඳුම්කර සිද්ධියට අදාළව අවසන් නිගමනයකට එන තුරු හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අගමැති කාර්යාලයේ උපදේශක තනතුරින් ඉවත් කරන ලෙ...

බැඳුම්කර සිද්ධියට අදාළව අවසන් නිගමනයකට එන තුරු හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අගමැති කාර්යාලයේ උපදේශක තනතුරින් ඉවත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව හිටපු කෝප් සභාපති, ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර පැවසීය.

මෙම සිද්ධියේදී පළමු වන විත්තිකරු වන ඔහුට කිසිදු රාජ්‍ය ආයතනයකින් වැටුප් ලබා නොදිය යුතු බව ද හෙතෙම ඊයේ (07 වැනිදා) සමාජවාදී ජනතා පෙරමුණ මගින් බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්‌ථානයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

බැඳු ම්කර සිද්ධියෙන් රජයට ක්‍ෂණිකව රුපියල් මිලියන 1674 ක අලාභයක්‌ සිදුව ඇති බවද, එහිදී ඉදිරියේදී වන අලාභය තවම තක්‌සේරු කර නොමැති බව ද ඩිව් ගුණසේකර කීවේය.

කෝප් කමිටුව මෙන්ම ව්‍යවස්‌ථාදායකය ද බැඳුම්කර සිද්ධියේ අවසන් නිගමනය දෙස බලා සිටිය යුතු බව කී ඩිව් ගුණසේකර මහතා මෙහිදී ජනාධිපතිවරයා ද වගකිව යුතු බව පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8848646520460324436

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item