දඩ මුදල් වැඩි කිරීම ගැන බස් සංගම් තීරණාත්මක සාකච්ඡාවක
රථවාහන වැරදි 06ක් සම්බන්ධයෙන් වන දඩ මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට රජය ගත් තීරණයට එරෙහිව ගත යුතු ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සාක...
http://www.sathhanda.com/2016/11/blog-post_731.html
රථවාහන වැරදි 06ක් සම්බන්ධයෙන් වන දඩ මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට රජය ගත් තීරණයට එරෙහිව ගත යුතු ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බස් සංගම් කිහිපයක් අද (22) කොළඹදී රැස්වීමට නියමිතය.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සහභාගි නොවන බව වාර්තා වේ.
රථවාහන වැරදි 06ක් සම්බන්ධයෙන් වන අවම දඩ මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට ඊයේ (21) රජය තීරණය කළේය.
ඒ, මුදල් අමාත්‍යවරයා සහ ප‍්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු පාර්ශව කිහිපයක් අතර පැවති සාකච්ඡාවකින් පසුවය.
ඊයේ පැවති එම සාකච්ඡාවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ද සහභාගි වී සිටි අතර සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත කියාසිටියේ මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් තම සංගමය එම තීරණයට එකඟතාව පළ කළ බවයි.
Related