FCIDය ඇති කළ කැබිනට් අනුකමිටුව අහෝසි කරයි?

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) ස්ථාපිත කළ කැබිනට් අනු කමිටුව අහෝසි කරන බව ඊයේ (21) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම...

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) ස්ථාපිත කළ කැබිනට් අනු කමිටුව අහෝසි කරන බව ඊයේ (21) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ එම කැබිනට් අනු කමිටුව වසරක සිට රැස්ව නොමැති බැවින් දූෂණ පැමිණිලි ලේකම් කාර්යාලය හැර, අනු කමිටුව අහෝසි කිරීමට කටයුතු කරන බවයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 

ඒ මහතා මෙම ප්‍රශ්නය මතු කළේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ රඹුක්වැල්ල මහතා කියාසිටියේ කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව කැබිනට් අනු කමිටුවක් පිහිටු වූ බවත්, ඒ හරහා පිහිටු වූ මූල්‍ය අපරාධ කොට්ඨාසයට උපදෙස් ලබාදෙන්නේ අග්‍රාමාත්‍යවරයා බවත්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3101985236009784585

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item