හිලරි මහින්දගෙන් ඉගෙනගත යුතු දේ - සවිස්තරාත්මකව මෙන්න

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පරාජිත අපේක්‍ෂිකා හිලරි ක්ලින්ටන්ට ලංකාවේ ජනාධිපතිවරණයෙන් පරාජිත අපේක්‍ෂක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇතුළු සන්...

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පරාජිත අපේක්‍ෂිකා හිලරි ක්ලින්ටන්ට ලංකාවේ ජනාධිපතිවරණයෙන් පරාජිත අපේක්‍ෂක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇතුළු සන්ධාන පක්‍ෂිකයන්ගෙන් ඉගෙනගත යුතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.

ඇමෙරිකාවට ලංකාවෙන් ආදර්ශයක්

මේ දින වල ඇමෙරිකාවේ ජනාධිපතිවරණය ඉතාම අසිලාචාර තැනකට පත්වෙලා තියෙනවා පරාජය පිලිගන්නේ නැතුව හිලරි ක්ලින්ටන් මැතිනියගේ පාක්ෂිකයන් මහපාරේ තාමත් උද්ඝෝෂණ කරනවා. අපි දැක්කා එක්තරා කාන්තාවක් පාර මැද්දේ ඇදුම් ගලවලා මලපහ කරලා ඒ අසුචි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡායාරුප වල ගානවා. අද මෙවැනි තත්වයකට හිලරි ක්ලින්ටන්ගේ පාක්ෂිකාවන් පත්වෙලා තියෙනවා පරාජය දරා ගැනීමට නොහැකිව.

2015 ජනවාරි 08 වෙනිදා අපි ඇමෙරිකාවට ආදර්ශයක් ලබා දුන්නා. නිල ඡන්ද ප්‍රථිපල නිකුත් වුනේ පස්වරු එකකට විතර නමුත් උදැසන එකට විතර අපිට ඡන්ද මධ්‍යස්ථාන මට්ටමින් ලැබුනු තොරතුරු අනුව අපි දැන ගත්තතා මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාදයි කියලා. මහින්ද රාජපක්ෂ මහතා සමග කාර්යාල කාමරයේ තිබුණු සාකච්චාවට වාඩිවුණු 12දෙනාගෙන් කෙනෙක් මම. ඒ නිසා මේ ආණ්ඩුව 2015 ජනවාරි 16වෙනිදා හාපුරා කියලා පොලිසියෙන් ප්‍රශ්න කරන්න අරගෙන ගිය විපක්ෂයේ දේශපාලකයත් මම. හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ල ගන්න ජනවාරි 08වෙනිදා කුමන්ත්‍රණය කරා කියලා. අපි තිරණය කරා අපි පරාජය වී අවසානයි. අලුත් පිරිසට රට බාර දීලා රාජ්‍ය බලයෙන් නික්ම ගියා. පාන්දර 03ට විතර වත්මන් අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවෙලා බැරක් ඔබමා හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර බලය හුවමාරුව පිලිබඳ සාකච්චාවක් පැවැත්තුවා වගේ සකච්චාවක් පවත්වලා උදැසන 6ට පමණ සියලු දෙනාටම සමු දීලා තමන්ගේ මැද මුලන නිවස බලා ගියා.

කවුරුවත් මෛත්‍රීපාල ජනාධිපතිවරයා පිළිගන්න බෑ කියලා පාරේ උද්ඝෝෂණය කළේ නෑ. මේ මැතිවරණ ප්‍රථිපලය වෙනස් කල යුතුයි කියලා කිව්වේ නෑ. පාර මැද මලපහ කරලා ඒ අසුච් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡයාරුප වල ගාන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ. පරාජය නිහතමානිව බාර ගැනීමේ හැකියාවක් එදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන්ට පාක්ෂිකයන්ට තිබුණා. අද ක්ලින්ටන් නෝනා ඇතුළු පාක්ෂිකයන්ට නැත්තෙත් ඒකයි. ඇමෙරිකාවේ ප්‍රතිපත්තිය නම් පැරදුනු කෙනා පරාජය බාර ගෙන ජයග්‍රහකයට සුබ පැතුවට පස්සේ තමයි ජයග්‍රහකයා ඇවිල්ලා තමන්ගේ ජයග්‍රාහි කතාව කරන්නේ. නමුත් ක්ලින්ටන් නෝනට තමන්ගේ පාක්ෂිකයන් ඉදිරියට එන්නවත් හැකියාවක් තිබුණේ නෑ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට දුරකථනයෙන් කතා කරලා තමයි සුබ පැතුවේ ඔහුට ජයග්‍රාහි කතාව කරන්න අවශ්‍ය පසුබිම හැදුවේ.

අද ඇමෙරිකාවේ වන දේ එදා ලංකාවේ වෙන්න තිබුණා මහින්ද රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහනය කරා නම්. අපිට තොරතුරු ලැබුණා පාක්ෂිකයන් සමග ඇවිත් අරලියගහ මන්දිරය වටලන්න එදා විපක්ෂයේ සිටිය අය සුදානම්ව සිටියා කියලා. අපිට පැය 48කට කලින් තොරතුරු ලැබිලා තිබුණා. අපි මේ පිළිබදව සකාච්චා කරලත් තිබුණේ. නමුත් අපි මැතිවරණ ප්‍රථිපල එන්නත් පැය 12කට කලින් වත්මන් අගමැතිතුමා සමග බලය හුවමාරු කර ගැනීමේ සාකච්චාවක් පැවැත්වුනු නිසා මේ අයට පරාජය පිලි නොගැනිමේ අරගලය කරන්න වුණේ නෑ. අපිට මතකයි 2010ත් එහෙමයි. පරාජය පිලිගන්නේ නැතුව කොම්පුටර් ජිල්මාට් කිව්වා. නමුත් උසාවි ගිහිල්ලා නඩුව දාන කොට කොම්පුටර් ජිල්මාට් කැල්ල හැලිලා. ඒකෙන් පෙන්නේ අද ක්ලින්ටන් නෝනගේ පාක්ෂිකයන් සම වන්නේ අද බලයේ ඉන්න අයටයි. ඔවුන් ජනාධිපතිවරණය පැරදුනා නම් ලංකාවේ ඇතිවෙන්න තිබුණෙත් මේ හා සමාන තත්වයක්. අද ලංකාවේ ආණ්ඩුවේ ඉන්න අයටත් ඇමෙරිකාවේ විපක්ෂයේ ඉන්න අයටත් බුදුරාජාණන් වහන්සේ ඉගැන්වු තාදී ගුණය වඩමින් ජයග්‍රහනයත් පරාජයක් එක සේ භුක්ති විදින්න කියන ඉල්ලීම කරනවා.

මට තියෙනවා මාධ්‍ය හරහා ජනතා අධිකරනයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. තමුන්නාසේලා දන්නවා මම කලින් කිව්වා 2015 ජනවාරි 16වෙනිදා මේ ආණ්ඩුව තමන්ගේ මර්දන හස්තයට පාවිච්චි කරපු පළවෙනි ගොදුර මම. ජනවාරි 08 රාත්‍රීයේ හමුදා කුමන්ත්‍රණයකින් මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරිමට උත්සහා කරා කියලා තමයි මාව රහස් පොලීසියට අරන් ගියේ. මාව ප්‍රශ්න කරලා මාස 22ක් වුණා හමුදා කුමන්ත්‍රණයක් වුණේ නෑ කියලා අපි කිව්වා. මංගල සමරවිර ඇමතිතුමා තමයි පැමිණිල්ල කරන්නේ ජනවාරි 08 රාත්‍රීයේ හමුදා කුමන්ත්‍රණයකින් බලය තබා ගැනීමටත් මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරිමට උත්සහා කරා කියලා මේ ගැන කඩිනමින් සොයා බලන්න ජාතික ආරක්ෂාවට හා ප්‍රජාත්‍රන්තවාදයට ප්‍රශ්නයක් කියලා තමයි විදේශ ඇමතිතුමා රහස් පොලිසියට ප්‍රකාශ කරලා තියෙන්නේ. එකපැත්තකින් පැමිණිල්ල කරන්නේ විදේශ ඇමතිවරයා අනෙක් පැත්තෙන් ජාතික ආරක්ෂාව හා ප්‍රජාත්‍රන්තවාදය පිළිබද ප්‍රශ්නයක් මාස 22ක් ගියා අද වනතුරු නීතිපති උපදෙස් දීලා නෑ මේ පිලිබද නඩුවක් පැවැරිමට ප්‍රමානවත් සාක්ෂි තියෙනවද කියලා. මම ඒ පිලිබද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරාම පොලිසිය බාර ගරු සාගර රත්නායක ඇමතිතුමා ප්‍රකාශ කළේ අපි මේ පිළිබද විමර්ශන කරලා නීතිපතිට යැව්වා නීතිපති තවමත් මේ පිළිබද උපදෙස් දුන්නේ නෑ කියලා.

මට විරුද්ධව පෞද්ගලික කාරණාවකට පුද්ගලයෙක් පැමිණිලි කරාම මාව අත්අඩංගුවට ගන්න ලිපි ගොනුව බලල නියම කරන්න නීතිපතට ගියේ පැය 24යි. උදැසන නීතිපතිට ලිපි ගොනුව එනවා හවස පොලිසියට යවලත් ඉවරයි අත්අඩංගුවට ගන්න කියලා. ජාතික ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයේ දී රටේ විදේශ ඇමතිතුමා පැමිණිලි කරලත් මාස 22ක් යනකන් නීතිපති නිදි. එක්කෝ නීතිපතිය අවාසියා දෘෂ්ඨියාබධා වැලදිලා. තමන්ට අවාසිදායක ලිපි ගොනු නීතිපතිතුමාට පෙන්නේ නෑ කියලා අපි හිතනවා. මොකද ජාතික ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක ලිපි ගොනු මාස 22ක් තමන්ගේ කොට්ටය කරගෙන නිදා ගැනිමේ අයිතියක් නීතිපතිවරයාට නෑ. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කර තිබිය දිත් මේ පිළිබද නිහඬව සිටිමෙන් නීතිපතිවරයා හමුදා කුමන්ත්‍රණයක හෝ ප්‍රජාත්‍රන්තවාද විනාශ කිරිමේ කුමන්ත්‍රණයක කොටස් කරුවෙකුද කියන සධාරණ සැකය අද අපිට ඇති වෙලා තියෙනවා.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6789069723856440532

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item