මුළු මහබැංකුවම කොල්ලකන්න යන්නේ!

මහබැංකුවේ කටයුතු වෙනත් පාර්ශවයකට පැවරීම ජාතික අපරාධයක් බවත්, එය ජනපති හා අගමැති වහා මැදිහත් වී නතර කළ යුතු බවත්, හිටපු ජනපති මහින්ද රාජපක්...

මහබැංකුවේ කටයුතු වෙනත් පාර්ශවයකට පැවරීම ජාතික අපරාධයක් බවත්, එය ජනපති හා අගමැති වහා මැදිහත් වී නතර කළ යුතු බවත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එමගින් සිදුවන්නේ සෑම කෙනෙකුගේම මුදල් පෞද්ගලීකරණය කිරීමට ලක්වීම යැයි අද (14) තංගල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

මහබැංකුවේ කටයුතු වෙනත් පාර්ශවයකට පැවරීමෙන් මුළු මහබැංකුවම කොල්ලකෑමක් සිදුවන බවත්, එමඟින් මෙරට වැසියන්ගේ මුදල් ඉතියෝපියාවේ නතර වනු ඇති බවත්, හෙතෙම කීවේය.

එසේම ඉන් විශාල පාඩුවක් සිදුවනවා පමණක් නොව අපේ රටේ මුදල් ක්‍රමය කඩා හැලෙන බවත්, තමන් ජනපතිව සිටි කාලයේදී මහබැංකුවේ මුදල් මණ්ඩලයට ඇඟිලි ගැසුවේ නැති බවත්, පැවසූ ඒ මහතා මේ නිසා ජනපති හා අගමැති වහා මැදිහත්වී එය වැළැක්විය යුතු බවත්, ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4877861267230106405

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item