ශ්‍රීලනිපය දිනවනවා - ජනපති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රාහී පක්ෂයක් බවට පත්කිරීමට තමා සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රාහී පක්ෂයක් බවට පත්කිරීමට තමා සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ සිට අභියෝග හමුවේ ඉදිරියට පැමිණ ජයග්‍රහණය කළ පක්ෂයක් බව පවසන ජනාධිපතිවරයා, එය ඉදිරියේදී ද එලෙසින්ම සිදුවන බව කියා සිටියි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) ගාල්ල නගර ශාලාවේ පැවති ගාල්ල දිස්ත්‍රීක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන අමතමිනි.

ලබන වසරේ මැද පැවැත්වෙන පළාත් පාලන මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීමේ වගකීම තමන් ස්ථීරවම ඉටු කරන බවද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, ඉදිරි මැතිවරණ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කරන්නේ එහි ඓතිහාසික ලාංඡනය වන අත ලකුණෙන් බවත්, සියලූ වාම ප්‍රගතිශීලි බලවේග පක්ෂය වටා ඒකරාශි කර ගනිමින් පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවන බවත් කියා සිටියේය.

ආණ්ඩුවේ කටයුතුවලදීද පොඩි මිනිසා වෙනුවෙන් පෙනී සිටින, ජනතාවට ආර්ථීක සහන සළසන මෙන්ම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීම් ඉටු කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4565840066798910857

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item