රටේ ඉඩම් මංකොල්ලයට ඇමැති ෆයිසර් හා පවුලේ උදවිය සම්බන්ධයි - ගලගොඩඅත්තේ හිමියන්ගෙන් චෝදනා

රට තුළ සිදුවන මහා ඉඩම් මංකොල්ලයට පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා සහ ඔහුගේ පවුලේ උදවිය සම්බන්ධ බවට බොදු බල සේනා සංවිධා...

රට තුළ සිදුවන මහා ඉඩම් මංකොල්ලයට පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා සහ ඔහුගේ පවුලේ උදවිය සම්බන්ධ බවට බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (01 වැනිදා) චෝදනා කර සිටියහ.

එහෙයින් ඔහු ඇමැති ධුරයෙන් නෙරපා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට රජය වහා කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

ශ්‍රී පාදස්‌ථානය අවට ඉඩමක හෝටලයක්‌ ඉදිකිරීමේ සිද්ධියට අදාළ ඉඩම් ගනුදෙනුව පිටුපසත් තවත් ඉඩම් ගනුදෙනු රැසක්‌ පිටුපසත් සිටින්නේ ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා බවත් අලුත්කඩේ උසාවිය පැත්තේ ගැවසුණහොත් ඒ පිළිබඳ දැනගත හැකි බවත් උන්වහන්සේ කීහ.

නීතිඥ ලෝගුවට මුවාවී ඔහු දිගින් දිගටම මේ වංචාවන් සිදු කරන බවටත් ඔහු මුල මැද අග නැති 'ගනුදෙනු' කර ආයෝජකයන් මුලා කර ඇති බවටත් ඥනසාර හිමියෝ චෝදනා කළහ.

ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ එම අදහස පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9015983923387907008

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item