යහපාලනය පත්වූ දා සිට වරාය නගරයෙන් චීනය දිනකට ඩොලර් මිලයනයක් පාඩු ලබලා

චීනය විසින් ක්‍රියාත්මක කරන ලද කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නව රජය බලයට පත්වීමත් සමග තාවකාලිකව නවතා තැබීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් 5,000කට පමණ ...

චීනය විසින් ක්‍රියාත්මක කරන ලද කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නව රජය බලයට පත්වීමත් සමග තාවකාලිකව නවතා තැබීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් 5,000කට පමණ සෘජු හා වක්‍ර රැකියා අවස්ථා අහිමි වූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියෑන්ලින්ග් පැවැසීය.

චීන තානාපති කාර්යාලයේ ඊයේ (01දා) පැවැති මාධ්‍ය වැඩමුළුවක් අමතමින් හෙතෙම මේ බව පැවැසීය.

එහිදී රැකියා අහිමිවූවන්ගේ වගකීම බාර ගන්නේ කවුරුන්දැයි තානාපතිවරයා ප්‍රශ්න කළ අතර, වරාය නගර ව්‍යාපෘතිය නැවතත් ආරම්භ කර ඇතැත් එය නවාතා තැබූ කාලසීමාවේදී චීනයට දිනකට ඩොලර් මිලියනයක පමණ අලාභයක් සිදුවූ බවද පවසා සිටියේය.

වසර එක හමාරක පමණ කාලයක් ව්‍යාපෘතිය නවතා තැබීම හේතුවෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ චීන සමාගමට සිදුවන පාඩුව පිළිබඳව ශ්‍රී ලංකා රජයට සතිපතා වාර්තාවක් ලබාදුන් බවත් ඔහු පැවැසීය.

චීනය වැඩි පොලියට ණය ලබාදුන් බවට පැවැසුවත් ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇත්තේ 2% පමණ පොලියකට බවත්, වත්මන් රජය මේ වනවිට 5.8%ක පොලී ප්‍රතිශතයක් යටතේ ණය ලබාගෙන තිබෙන බවද තානාපතිවරයා අනාවරණය කළේය.

යම් හෙයකින් නොරොච්චෝලේ බලාගාරය චීන රජයේ මැදිහත්වීම මත ඉදිනොවුණානම් වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින විදුලි ඉල්ලුම කෙසේ සපයන්නේදැයි හෙතෙම ප්‍රශ්න කළේය.

ඉදිරි වසර තුන - පහ ඇතුළත ශ්‍රී ලංකාවට චීනයෙන් ඩොලර් බිලියන 05කට අධික සෘජු විදේශ ආයෝජන පැමිණීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවේ නීතියේ හා ප්‍රතිපත්තියන්හි ස්ථාවරත්වයද රජයේ ආයතනවල මෙන්ම රාජ්‍ය සේවකයන්ගේ කාර්යක්ෂමතාවද ඉතාමත් අවශ්‍ය බව  සඳහන් කළේය.

කාලයෙන් කාලයට ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ වෙනස් වුවත් ප්‍රතිපත්ති වෙනස් නොවන වාතාවරණයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ යුතු බවත්, රට තවත් බාහිරට විවෘත කළ යුතු බවත් තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය. 





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7827993396441347553

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item