LTTEය සැමරුවත් හමුදාවට කරන්න දෙයක් නැහැ - ආරක්ෂක ලේකම්

කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහවිරු දින සැමරුම් සම්බන්ධයෙන් අදහස් දැක්වූවා. එහිද...

කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහවිරු දින සැමරුම් සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.

එහිදී හෙතෙම පැවසුවේ මහවිරු දිනය පිළිබඳව ත්‍රිවිධ හමුදාවට සිදු කිරීමට කිසිඳු කටයුත්තක් නොමැති බවයි. තමන් පෙනී සිටින්නේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් පමණක් බවත් පැවසුවා. කෙසේවෙතත් නීතිවිරෝධී දෙයක් එහිදී සිදුවී ඇත්නම් ඒ පිළිබඳව ක්‍රියා කිරීමේ බලය ඇත්තේ නීතිය සහ සාමය අමාත්‍යාංශයට මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවට බවයි ඔහු පෙන්වා දුන්නේ.

අදාළ සැමරුම සිදු කළේ එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවෙන් නම් එය නීති විරෝධී කටයුත්තක් බවද ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි වැඩි දුරටත් සඳහන් කළා. එහෙත් එය ත්‍රිවිධ හමුදාවේ විෂය පතයට අයත් නොවන බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3333747096925421757

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item