"මගේ සොයුරා පිළිකාවකින් මිය ගිහිල්ලා අවුරුදු 20ක්" - මහේල කඳුළු සලමින් කියූ සංවේදී කතාව (VIDEO)

"මගේ සොයුරා පිළිකාවකින් මිය ගිහිල්ලා අවුරුදු 20ක්, එදා ඉඳලා ගොඩක් මහින්සිවුනා ලංකාවට අවශ්‍ය මේ පහසුකම් දෙන්න" ගාල්ල කරාපිටිය රෝ...

"මගේ සොයුරා පිළිකාවකින් මිය ගිහිල්ලා අවුරුදු 20ක්, එදා ඉඳලා ගොඩක් මහින්සිවුනා ලංකාවට අවශ්‍ය මේ පහසුකම් දෙන්න" ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයක් ඉදිකිරීම සදහා මුල්ගල් තැබීමේ උත්සවයට එක්වූ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පැවසීය.

ගාල්ල කරාපිටිය මහ රෝහලට අනුබද්ධව පිළිකා රෝහලක් ඉදිකිරීම සඳහා අරමුදල් රැස් කරනු වස් සහාය දුන් සියලු ශ්‍රී ලංකාවාසීන්ට ප්‍රණාමය පුද කරන බව හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසයි. ඔහු ඒ බව කියා සිටියේ අදාළ රෝහල ඉදිකිරීමට අවශ්‍ය අරමුදල් රැස්කිරීම සඳහා ඔහුගේ ප්‍රධානත්වයෙන් දියත් කෙරුණු පාගමන අවසානයේ කරාපිටිය රෝහල් පරිශ්‍රය තුළ ඊට මුල් ගල් තැබූ අවස්ථාවේ අදහස් දක්වමිනි. පාගමන නිමාවීම සිය උත්සාහයේ එක් සන්ධිස්ථානයක් වුවත්, එය අවසන් වන්නේ රෝහල ඉදිකර රෝගීන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කරන අවස්ථාවේ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කිලෝමීටර 700 ක් පාගමනින් පැමිණ, කඳුළු අතරින් අදහස් දැක්වූ මහේල ජයවර්ධන, මීට විසි වසරකට ඉහතදී පිළිකා රෝගයෙන් මියගිය තම සොහොයුරා සිහිපත්වන බව සඳහන් කළේය. පාගමන තුළදී ශ්‍රී ලංකාවාසීන්ගෙන් ලද ප්‍රතිචාරය කෙබඳුදැයි පැහැදිළි කරමින් කතා කළ මහේල, "මම හිතන්නේ මගේ මාත් ජීවිතේ සුන්දරම දවස් 27 ක් ගෙවුන. උතුරේ පේදුරුතුඩුවේ ඉඳල අපි මාතරට ඇවිල්ල තියෙනව. ශ්‍රී ලංකාවේ ජනතාව 'කෙතරම් සුන්දර ද, කෙතරම් පරිත්‍යාගශීලී ද," යැයි පවසද්දී ඉතා හැඟුම්බර විණ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3118730982066331387

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item