ඩෙංගු අධි වසංගත තත්ත්වක් - දිස්ත්‍රික් 10ක සෞඛ්‍ය සේවක නිවාඩු අවලංගුයි

දිවයින පුරා ඩෙංගු වසංගත තත්ත්වයක් පැතිර යන අතර අධි වසංගත තත්ත්වක් පවතින දිස්ත්‍රික්ක දහයක සෞඛ්‍ය සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර...

දිවයින පුරා ඩෙංගු වසංගත තත්ත්වයක් පැතිර යන අතර අධි වසංගත තත්ත්වක් පවතින දිස්ත්‍රික්ක දහයක සෞඛ්‍ය සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර ඇත. සෞඛ්‍ය ‍ලේකම් අනුර ජයවික්‍රම මහතා විසින් විශේෂ චක්‍ර‍ලේඛයක් නිකුත් කර ඇත.

සෞඛ්‍ය ‍ලේකම්වරයා සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව මෙම චක්‍ර‍ලේඛය නිකුත් කර ඇති අතර කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, යාපනය, රත්නපුර, කුරුණෑගල, පුත්තලම, මඩකලපුව, සහ අම්පාර යන දිස්ත්‍රික්කයන් හී සෞඛ්‍ය සේවකයින්ගේ නිවාඩු මෙසේ අවලංගු වනු ඇත.

තවද හෙට (12) සිට අඛණ්ඩ ඩෙංගු මදුරු මර්දන වැඩ සටහනක් දියත් කිරීමට කටයුතු කරන මෙන් ද සෞඛ්‍ය අමාත්‍යංශයේ පසුගියදා පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ඇමතිරවයා සෞඛ්‍ය ‍ලේකම්වරයාට දැනුම් දී තිබේ.
මෙම වැඩ සටහන සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ ‍පොලීසියේ සහය ලබා ගැනීමට ද තීරණය විය.

ඩෙංගු මදුරුවන් බෝවන පරිශ්‍රයන් පවත්වාගෙන යන පුද්ගලයින් වෙනුවෙන් රුපියල් 25000ක දඩ මුදල නියම කිරීම සම්බන්ධයෙන් වූ ගැසට් පත්‍රය නිකුත් කිරීමට මෙහිදී තීරණය වී ඇති අතර නිවාස පරික්ෂා කිරීමේදී නිවැසියන්ගේ අවසරය ලබා ගත යුතු බවට තිබූ නීතියද අහෝසි කිරීම සඳහා නීතිපතිවරයා සමඟ සෞඛ්‍ය ඇමතිවරයා විශේෂ සාකච්ඡාවන්ද පැවැත්වීමට නියමිතය.

මේ වසර තුල දී වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 47900ක් වී ඇති අතර සිදු ව තිබෙන මරණ සංඛ්‍යාව 77කි. එහෙත් දෙසැම්බර් හා ජනවාරි මාසයන් තුලදී ඇතිවන වර්ෂාවෙන් මදුරු ඝණත්වය වැඩි වුවහොත් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 50000 ඉක්මවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පසුගියදා පැවති සමාලෝචන රැස්වීමේදී හෙලි විය.

ශ්‍රියානි විජේසිංහ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6561908311459603186

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item