ගම්මන්පිල රන්ජන්ගෙන් මිලියන 500ක් වන්දි ඉල්ලයි

‘සල්ලි බලය තිබෙනවා නම් බන්ධනාගාර රෝහලේ සැප’ යන සිරස්තලය යටතේ පළ කළ වීඩියෝවකින් තමාට සෘජුවම අපහාසයක් කර තිබෙන බැවින් නියෝජ්‍ය අමාත්‍ය ර...

‘සල්ලි බලය තිබෙනවා නම් බන්ධනාගාර රෝහලේ සැප’ යන සිරස්තලය යටතේ පළ කළ වීඩියෝවකින් තමාට සෘජුවම අපහාසයක් කර තිබෙන බැවින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා නඩු පවරන බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (08දා) පැවසීය.

තමා රක්ෂිත බන්ධනාගාර ගතවී සිටි දින දහතුන තුළ එක මොහොතක් හෝ ව්‍යාජ ආකාරයෙන් අසනීප වි රෝහල් ගතවී නොසිටි බවත්, මෙය නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ තවත් එක් ‘මෙගා බොරුවක්’ බවත්  කියා සිටියේය. 
වැඩිදුරටත් අදහස් දක්වමින්,

මම ඇමතිතුමාට මේ පිලිබඳ කතා කළා.  එතුමා කිව්වා තොරතුරු දැන ගැනීමේ අයිතිය පනත යටතේ එතුමා මේ තොරතුරු ලබා ගත්තා කියලා.  ඒකත් බොරුවක්.  තොරතුරු දැන ගැනීමේ පනතට කතානායකතුමා අත්සන් තැබුවේ අගෝස්තු 4 දා.  එතැන් සිට මාස හයකට පස්සේ එනම් 2017 පෙබරවාරි 4 දා සිට තමයි මේ පනත ක්‍රියාත්මක වෙන්නේ.ඒ වගේම එකී පනතේ 5(1)(අ) යටතේ යම් පුද්ගලයෙකුගේ අතිශයින්ම පෞද්ගලික තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ යුතුයි.  වෛද්‍ය වාර්තා වැටෙන්නේ ඒ ගණයට.  විශේෂයෙන්ම හිපොක්‍රටිස් ප්‍රතිඥාව අනුව රෝගින්ගේ පෞද්ගලික තොරතුරු හෙලි නොකර සිටීමට වෛද්‍යවරු බැඳිලා ඉන්නවා.  නමුත් රන්ජන් ඇමතිතුමා එක් එක් දේශපාලකයින්ට තිබෙන රෝග පිලිබඳ ප්‍රසිද්ධියේ අදහස් දක්වනවා.  ඒක අතිශයින්ම සදාචාර විරෝධි ක්‍රියාවක්.

ඒ වගේම මෑත කාලයේ ලොකු රාවයක් ගියා එක්තරා මන්ත්‍රීවරියක් ගබ්සාවක් කරගත් බවට. මා දකින්නේ එවැනි තොරතුරු පවා අතිශ්‍යයින් පෞද්ගලික තොරතුරු.  ගබ්සාවක් නීති විරෝධී නිසා  වැටලීමක් අත්අඩංගුවට ගැනීමක් සිදුවෙන්න පුවවන්.  නමුත් ගබ්සාවක් කරගත්තේ ඇයි වැනි කරුණු අතිශ්‍යයින් පුද්ගලික කාරණා විදිහටයි සැලකෙන්නේඅපේ රන්ජන් ඇමතිතුමාට ඉතාම සමීප වෛද්‍යවරියක් බන්ධනාගාර රෝහලේ ඉන්නවා.  ආර්එම්පී නමින් හඳුන්වන ලියාපදිංචි වෛද්‍ය සහයකයින් දෙදෙනෙකු ඉන්නවා.  මේ කාගෙන් හරි උපදෙස් පැතුවා නම් ඇමතිතුමා මේ අමාරුවේ වැටෙන්නේ නෑ.  සල්ලි බලය තිබෙනවා නම් බන්ධනාගාර රෝහලේ සැප කියන සිරස්තලය යටතේ පල කළ වීඩියෝවක මේ අසත්‍ය කරුණ සඳහන් වන්නේ.  මේක මට සෘජුවම කළ අපහාසයක්.  ඒ නිසා රන්ජන් රාමනායක ඇමතිතුමාගෙන් රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා නඩු පැවරීමට මම මගේ නීතිඥයින්ට උපදෙස් දුන්නා. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 64145913176703374

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item